(යොහාන් භාසුර)
මිල ඉහළ දැමූව ද ලාෆ් ගෑස් හිඟය තවමත් දැඩිව පවතින බව පාරිභෝගිකයෝ පවසති.
මෙම තත්වය හමුවේ ‘ලාෆ්’ ගෑස් පාරිභෝගිකයෝ දැඩි අපහසුතාවට පවත්ව සිටින අතර ‘ලිට්‍රෝ’ ගෑස් සමාගම ද අලුත් සිලින්ඩර නිකුත් කිරීම අත්හිටුවීමෙන් ජනතාව තව දුරටත් අපහසුතාවට පත්ව සිටිති.
ලාෆ් ගෑස් සමාගම පවසන්නේ ඩොලර් ප්‍රශ්නය හේතුවෙන් ගෑස් ආනයනය කිරීමට නොහැකි වී සිටින බවයි.
ලාෆ් ගෑස් සමාගමේ කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363 කින් සහ කිලෝග්‍රෑම් 5 කුඩා ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 143 ක් කින් ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පසුගිය අගෝස්තු මස 12 වැනිදා අවසර දුන්නේය.
ඒ අනුව රුපියල් 1493 ක්ව පැවැති කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,856 ක් දක්වා ද, රුපියල් 600 ක්ව පැවැති කිලෝග්‍රෑම් 5 කුඩා ප්‍රමාණයේ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 743 ක් දක්වා ද, ඉහළ ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාෆ් කියන්නේ ඉංග්‍රීසියෙන් හිනා වෙනවට නේද? දැන් එහෙනම් හිනාවෙලත් ඉවරයි.
මෙන්න සෞභාග්‍යයේ දැක්ම.
ඩොලර් ප්‍රශ්නය,සල්ලි නැහැ, බොරු කියන්න එපා .උඹලා නිකන් ද මිනිස්සුන්ට ගස් දෙන්නේ ?
ගෑස් අඩුයිද? දැන් සැපද? අහන කෙනා ඉතාලි ගිහිල්ලා සැප ගන්නවා.
පොඩි අයට බුල්ටෝ දෙනවා වගේ... ජනතාව සන්සුන් කරන්න මොනවාහරි කිව්වට, ඔහෙ ඇති ගෑස් නැවක් නෑ. අධි උද්දමනයට පත්වෙමින් තියෙන අපේ රටට කවුද ගෑස් දෙන්නේ..? කොහොමද ගෙවන්නේ?
ඒක ආණ්ඩුවේ ප්‍රශ්නයක් නොවෙයි.., ලාෆ් ගෑස් ගෙන්වන්නේ රජය නොවෙයි...