මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක නඩුවක් ගොනු කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.
කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයේ සිවිල් නඩුවක් ලෙසින් මෙම නඩුව ගොනු කර ඇතැයි වාර්තා වේ.
ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග මෙනවිය විසින් මෙම නඩුව ගොනු කර ඇත.
වික්‍රමතුංග මහතාගේ ඝාතනය සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු බවත් මේ සම්බන්ධයෙන් වන්දි මුදලක් ගෙවන ලෙසත් ඇය නඩුව ගොනු කරමින් ඉල්ලා ඇතැයි සඳහන්ය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකාවේ සිය පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා මේ වන විට සුදානම් වන අතර ඔහු මේ දිනවල ඇමෙරිකාවේ සිටින බවද ආරංචි මාර්ග පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ පුද්ගලයන් නේද..? අපේ රටේ ජනාධිපතිලා වෙන්න දඟලන්නේ..
ඇත්තටම දැන් පවුලකට අවශ්‍ය කෙල්ලෝ, කොල්ලෝ නෙවෙයි. මෑත ඉතිහාසය ගත්තම පවුල්වල දූවරු තමයි පවුල වෙනුවෙන් නැගී සිටියේ. හිරුනිකා, චන්දිකා විතරක් නෙවෙයි ලංකාවේ ව්‍යපාරික පවුල් වලත් දැන් පවුලේ දේවල් රැකගෙන ඉස්සරහට යන්නෙ දුවලා. කොල්ලො කුඩු ගහලා ක්ලබ් ගානේ ගිහින් නන්නත්තාර වෙනවා. නැත්නම් පිටරටක නවතිනවා. මට විතරද හිතෙන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තයාට වි ජ මු ලොකුබන්ඩාර, රාජිත සේනාරත්නලාටත් දුවෙක් හිටිය නම් හරි කියලා.
කොහෙන් ගියත් නඩු ! ලංකාවේ ජනාධිපති වෙන්න හදන්නේ මේවගේ අයෙක් කියල හිතෙන කොටත් ලැජ්ජයි !
වහල්ලුන්ට ජනාධිපතිවරනෙට ඉදිරිපත් කරන්න වෙන ස්වාමියෙක් හොයාගන්න වෙයි වගේ.
ඔන් ටයිම්.
අව්ලක් නැහැ - ඔය නඩුව අහන්න පටන් ගන්නකොට එතුමා ඇමරිකානු පුර වැසි භාවයත් ඉවත් කරගෙන අපේ රටේ ජනාධිපති වෙලා ඉවරයි
මිනීමැරුම් චෝදනාවක් තියන කෙනෙකුට.. තියන පුරවැසිභාවය දාලා දුවන්නත් බැහැ... අලුත් පුරවැසිභාවයක් ලබාගන්නත් බැහැ...
ගෝඨා ඇතුළු කට්ටිය හිතන් ඉන්නේ ජනාධිපති වෙයි කියලා , මහින්දව විදුලි පුටුවේ තියන්න ගිහින් නුලෙන් බේරුනා.
සේන මහතානනි එහෙම වෙන්නේ ලංකාවේ , පරම්පරා 7ක් ඉඩම් නඩු අහන්නේ , ඇමරිකාවේ පට ගාල ඕක අහයි , සාධාරණ තින්දුවකුත් දෙයි
ප්‍රසිද්දියේ මහා මග ගාතනය කරලත් අද වෙනකම් මේ සම්බන්දයෙන් වරද කරුවෝ හොයල දඩුවම් දීලා නැහැනේ
ලංකාවේ ජනතාව ගැනනම් මට හරිම පුදුමයි. මොන බොරුව කිව්වත් ඉස්මුදුනෙන්ම පිළිඅරගෙන හරියට ඇහින් දැක්කා වගේ දොස් කියනවා. ඇයි මතක නැද්ද ආණ්ඩුවේ ලොක්කෙක් කිව්වා ඕක කළේ අහවලා කියලා. ඒක හැන්සාඩ් එකෙත් තියෙනවා. කරුණාකරලා කියපු ගමන් විශ්වාස කරලා කාටවත්ම දොස්නගන්න එපා. පව් සිද්ධ වෙනවා.
සත 5 කට ගණන් ගන්න එපා. ඔබතුමාට ලංකාවේ ඉන්න ගොයියෝ ටික විතරක් නොවෙයි, ඇමරිකාවත් බයවෙලා වගෙයි. ලසන්තා මොකෙක්ද අපිට? එහෙනම් පොලිස් නිලධාරීන් 800ක් මරණෙට පාවාදීපු එකා වලෙන් ගොඩගෙන නඩු දාන්න එපායැ. 1989දී කොල්ලෝ 65000කට වදදී මරපු එවුන්ටත් නඩු දාන්න එපායැ... මොවුන් මේ බහුබූත දොඩවනවා බයට...
එහේ හිටියත් නඩු... මෙහෙ හිටියත් නඩු… එහෙ හිටියත් මෙහෙ හිටියත්.. යන යන තැන නඩු…
නඩු දැමීම සඳහා වසර 10ක් බලාගෙන සිටියේ අැයි?
රටේ කෙනෙක් මැරුවම දස වදදිලා... ඒ වෙනුවෙන් මිනීමරුවට කතාකරන්න ඕනෑ තරම් කට්ටිය ඉන්නවා. මේවගේ මෝඩයෝ ඉන්නකොට වෙනත් රටවල පුරවැසි භාවය තියාගෙන. මව් රටට ඇවිත් අසරණ. බුද්ධිමත් මිනිස්සු මරල යන්න බැහැ... ලෝකේ එහෙම නීතියක් නැහැ. ලංකාවේ තිබුණට... එ්කනේ මේ වගේ මැරවරයෝ බය නැතිව නැවත බලයට එන්නේ... දැන් ගෝඨාගේ සේරම දේවල් එළිවෙනවා. එකක් ඇමතිකම් දැරුවා. මුදල් හම්බ කෙරුවා. මේ දේවල් කරලා ඇමරිකාවට බදුමුදල් අඩුවෙන් ගෙවලා තිබුණොත් වරද වල් දෙකයි. දැනටත් ඉන්නවා හිරේ අපේ රටේ කෙනෙක් බදු අඩුවෙන් ගෙවලා වත්කම් හංගලා... ජනාධිපති පුටුව කෙසේ වෙතත් විදුලි පුටුව ෂුවර්... ඇමරිකාවේ නඩු අහන්නේ මුදලට බලයට නොවේ. නීතියට දුප්පතාට. විශේෂ සැලකිලි අසාධාරණයක් වුණොත්, දෙවි කෙනෙක් ඉන්නවා. එ්කනේ මෙහෙම වුනේ..., අයියලා මල්ලිලා හරි ආදරෙයි ජනතාවට... මෝඩයෝ ටිකක් ඉන්නවා මුන්ට කඩේ යන.. ඒ අය බලාගන්න සත්‍ය විදියට නඩු කතාකර දඬුවම් දෙන හැටි... පොල් ගැහුවට වැඩක් වෙන්නේ නැහැ.
යම්කිසි කෙනෙකුට ඇමෙරිකාවේදී නඩු දාලා දඬුවම් කරන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒ පුද්ගලයා ඇමෙරිකානු ආණ්ඩුවට හෝ රහස් ඔත්තු සේවයට විරුද්ධව කුමන්ත්‍රණ කරලා තියෙන්න ඕනෑ. නැත්නං ඇමෙරිකන් පුරවැසියෙක්ව ඝාතනය කරලා තියෙන්න ඕනෑ. නැත්නං ජාත්‍යන්තර වරෙන්තුවක් තියෙන්න ඕනි. දුකයි...
ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වළක්වන්න කරන තවත් උත්සාහයක්... මිනිස්සු දැනගන්න ඕනෑ ලසන්ත කියන පුද්ගලයා කවුද කියලා. එවැනි අය ගැන විස්තර ඈත කාලේ පත්තරවල තිබුණා. දැන් ඉන්න එවුන් ඒවා දන්නේ නෑ...
නොදැනුවත්කමට අහන්නේ..., එහෙම නඩුවක් තියෙද්දී ඔහුට පුරවැසිභාවය ඉවත්කර ගත හැකිද?
දැන් ඉතින් ඇමරිකන් පුරවැසියාට පුරවැසිභාවය අයින් කරගන්න ඉස්සෙල්ලා මේ නඩු ඉවර කරගන්න වෙයි. මෙහේ වගේ අනේ මගේ නඩු අහන්න එපා මාව අත්අඩංගුවට ගන්න එපෝ කියලා නන් කියන්න බැරිවෙයි. හැබැයි ඇමරිකානු පුරවැසිකම මොනවා කරත් අයින් කරගන්න ලොකු කාලයක් යනවා කොහොමත්...
"මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය"... පුරවැසිකම ඉවත් කරගන්න නෙවෙයි මෑන් මෙහාට ආවේ හදිස්සියෙන්ම, හොඳම යාළුවෙක්ගේ දුවගේ මඟුල් ගෙදරට...
ගිය ඉරිදා කැලිෆෝනියාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩු දෙකක්ම ගොනුකර ඇති බවයි අද ටයිම්ස් පුවත්පතේ දක්වා ඇත්තේ. ඉන් එක නඩුවක් ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ දියණිය ගොනුකළ එකයි. අනෙත් නඩුව ගොනු කර ඇත්තේ කැනේඩියානු ජාතිකයෙකුවන රෝයි සමතනාම් නැමැත්තා වෙනුවෙන් " ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය " නම් වූ සංවිධානයක් මඟිනුයි. කැලිෆෝර්නියාවේ මධ්‍යම දිස්ත්‍රික් උසාවියේ ගොනු කර ඇති එම නඩුවෙන් රෝයි සමතනාම් 2007 වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා හමුදාවේ ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත් බවත් එහිදී ඔහුට ශාරීරික හා මානසික වදහිංසා පමුණුවන ලද බවත් ත්‍රස්ත විමර්ශන අංශය කටයුතු කලේ සෘජුවම රාජපක්ෂ මහතා යටතේ බැවින් එම සාපරාධී කටයුතු සඳහා ඔහු වගකිවයුතු බවත් චෝදනා කර ඇත. සමතනාම් කියා ඇත්තේ, 2010 අගෝස්තුවේ දී මුදා හැරීමට පෙර බොරු පාපොච්චාරණයකට අත්සන් තැබීමටත්, දඩ මුදලක් ගෙවන ලෙසත්, තමාට බල කල බවයි. මේ සම්බන්ධයෙන් 2016දී තමා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ඉදිරියේ පැවරූ නඩුවක් දිනා ගත් බවත්, එහිදී තමාට ලබාදීමට නියම වූ වන්දි මුදල් මේ දක්වා නොලැබුණු බවත් ඔහු තව දුරටත් චෝදනා කර ඇත.
ඔක්තෝබර් විප්ලවය කාලේ ඕවයින් බේරෙන්න තමයි.. බැසිල් නම් ආපහු යන එකක් නැහැ.
හොඳ වෙලාවට ලසන්තගේ දුව නඩුව දැම්මේ... දෙමළ කෙනෙක් දැම්මා නම් මේ පිටුව සහ ෆේස් බුක් කොහොම තියෙයිද?
මේ චතුරි කියන්නේ එහෙම්පිටින්ම මෝඩ කෙනෙක්... කතා කරන්න ඉගෙන ගන්න. වැස්සකටවත් පාසලකට ගිහින් නැහැ. තණකොළ ටිකක් දීලා හරි හදාගන්නයි වෙන්නේ..
නඩු පවරන්න ඇයි මෙපමණ කලක් හිටියේ...? හොඳින්ම පැහැදිලියි ඔවුන්ගේ බලාපොරොත්තුව. මම හිතන්නේ නැහැ ඔය නඩුව ඇමෙරිකන් අධිකරණයේ විභාග කරයි කියලා. අදාල රටටම යන්න කිව්වොත් මේ සිංහල විරෝධීන් මොනවද කරන්නේ?
මට ඇත්තටම සිංහලයා ගැන පුදුම කලකිරීමක් තියෙන්නේ. සිංහලයා සිංහලයට නැහැ.
පව් ඇමෙරිකාවට මොනතරම් බොරු කියන්න ඇතිද ඔය පුරවැසිකම ගන්න.
රනිල් ඕකටත් අතදායි... මහින්දවයි, විමල්වයි ආරක්ෂා කලා වගේම, ඊට පස්සේ ඔක්තෝබර් විප්ලවයටත් වඩා වැඩියෙන් ඉල්ලන් කයි..
කව්ද කියන්නේ ඔහු අාවේ පුරවැසිකම අයින් කරගන්න කියා. ගෝඨාභය සිය පවුල පිටින් හා ඊයේ පෙරේදා කෝටිපති වූ දිලිත් පව්ල සමග කැලිෆෝනියාවට ආවේ ඔහුගේ ව්‍යාපාරික සගයෙකුගේ විවාහ උත්සවයට සහභාගී වීමටය. ඉරිදා දහවල් ගෝඨාගේ තවත් ගජයෙකු වන මල්රාජ් නමැත්තා සංවිධානය කළ ‘අනාගත ජනාධිපති හමුවන්න’ නම් මුදල් එකතු කිරීමේ වැඩ සටහනකට සහභාගි වූ ගෝඨාභය ඇමරිකාවේ ප්‍රකට ‘ට්‍රේඩර්ස් ජෝ’ සුපිරි වෙළඳ සංකීර්ණ ජාලයේ කැලිෆෝනියාවේ පිහිටි වෙළඳ සංකීර්ණයකට ගිය විට ඔහු පසුපස ලුහුබැඳ ඇති අධිකරණ නිලධාරීහු ඉහත කී සිතාසිය වෙළඳ සංකීර්ණය තුලදී ඔහුගේ අතටම බාර දී බාර ගත් බවට අත්සනක් ද ලබාගෙන තිබෙනවා. ඉදිරියේදී ඔහුට රටෙන් පිටව යාමේ ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවෙතැයි මෙහෙ විශ්ලේශකයන් පවසනවා. පව් නේද?
නඩුව ඉවර වෙනකල් පුරවැසි භාවය අයින් කරන්න නොහැක.
තමන්ගේ දරුවා උනත් ඉදිරියේදී රට ජාතිය පාවා දෙන්න සුදානම් උනොත් ඔය ඉරණම අත්කර ගන්නේය.
ගෝඨා එනතුරු බලා සිටින ජනතාවට අපගේ හදපිරි මෙව්ව එක...
වැරද්දක් කලොත් දඬුවම් ලැබිය යුතුයි. වැරැද්ද කලාද නැද්ද කියල තීරණය කරන්නේ අධිකරණයයි. මේ හැමෝම දොඩවන්නේ නැතුව බලාගෙන ඉන්න.
ලසන්තගෙ මරණයට පස්සෙ මාධ්‍යකින් ඒගැන ඇහුවම ගොට්ලර් ඇහුවෙ " හූ ඉස් ලසන්ත ? " කියල. දැන් බලමු ඇමෙරිකාවෙ උසාවියේදිත් නඩුකාරයගෙන් එහෙම අහයිද කියල.
බැරිවෙයිද දන්නෙ නැහැ....... නඩුව අහන්න එපා කියල නියෝගයක් ගන්න එහේදිත්.. (දන්නෙ නැති නිසයි ඇහුවෙ.)
සමහරවිට සිරිසේන මහත්තයා අට්වපු උගුලක් වෙන්නත් බැරි නැහැ.. ගෝඨා නිසානෙ එයාට අපේක්ෂකත්වය නොලැබුනොත් නොලැබෙන්නෙ.
යූ එස් වල නඩුකාරයෝ වගකීමෙන් වැළකිලා අයින්වෙන එකක් නැහැ..... අවුරුදු ගණන් අදින එකක් නැහැ.ලෝකයේ ඉතාමත්ම වේගයෙන් නඩු අහන්නේ සිරි ලංකාවේ නේද?
ලසන්තගේ දුව මෙපමණ කාලයක් නිද්‍රාවට පත් වෙලා ඉඳල තියන්නේ. මේ වසර 10 තුල ගෝඨාභය කී සැරයක් ඇමරිකාවේ යන්න ඇතිද. ඒ කිසි වෙලාවක නඩු දාන්න මතක්වෙලා නැහැ. ජනාධිපති අපේක්ෂක කියා දැනගත් ගමන් ඇය නින්දෙන් ඇහැරී ඇත. අවශ්‍යතාවය මොකක්ද කියා ඉතා පැහැදිලියි. හැබයි අර කල්ලිය මහින්දලට හිතන්නවත් දැරි ලෙස අතිශයන්ම කපටි සුක්ෂම පිරිසක් බව මින් ඉතා පැහැදිලියි
ඉතාම නින්දිත ලෙස ජනාධිපති වරණ ප්‍රතිවාදියා දඩයම් කිරීමට ගන්න උත්සහයක්. මේ දෝනි මෙච්චර කල් නිදිය ගෙන ඉදල ගෝඨා මහතා ජනපතිවරණයට එන ආරංචිය ලත් සැනින් නින්දෙන් පිබිදිලා වගේ. නඩුවක් දාපු ගමන් එකේ තීරණය තමන්ගේ දේශපාලනය අනුව තීරණය කරන
මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පදුට්ඨේන - භාසතීවා කරෝතිවා තතෝනං දුක්ඛමන්වේතී - චක්කංච වහතෝ පදං.. ( වැරදි සිතින් කරන ලද ක්‍රියාවට දඬුවම ගැල බැඳි ගොනුගේ පාදය අනුව යන රිය සක මෙන් ලුහුබඳියි. )
ළමායි, අන්න මොන නඩු තිබුණත් දිවිත්ව පුරවැසි භාවය අහෝසි කිරීමට ඒක බලපාන්නේ නැතිලු නේද? කෝ මේකේ මැරෙන්න හදපු නීති විශාරදයෝ ටික. ඒ මනුස්සය එන එක දැන් සක්කරයටවත් නවත්තන්න බැ.
මේ වගේ .. අපේ රටේ තිබුණ සල්ලි ඇමෙරිකාවට ගොනු ගහපු මේ වගේ අයට මොකද්ද .... කල යුත්තේ කියල ඇමෙරිකානු රජය දන්නවා !!! මේ වෙලාවේ මොහු යම් කිසි දෙයකට ඇමෙරිකා එක්සත් රාජධානිය තුල වැරදිකාරයෙක් වුනොත් .... එයා ලංකාවෙන් පන්නපු මුදල් වලින් ... සතයක්වත් ආපහු ලංකාවට ගෙන ඒමට හෝ භාවිතයට ගැනීමට නොලැබෙන එක නියතයි ..!!!
අනේ පව් සිතාසිය දෙනකොට අත් දෙකෙන්ම භාරගන්නවා .
සිරිමල් භාෂාවක එකම දේ කියන්න විවිධ වචන හදලා තිබීන්නේ ඇයි කියා ඔබ නොදන්නවා වගෙයි. ඒ ගැන මම ඔබට දොස් කියන්නේ නැත. ඔබ ඉස්කෝලේ ගියානම් දොස්කියන්නේ ඔබට භාෂා දැනුම දුන් ගුරුවරයාටය. විවිධ දේ කියන්න එකම වචනය පාවිච්චි කරන බව ඔබ දන්නවාද. මගේ භාෂාව පාවිච්චිය ගැන කතා කොරන්න එපා. විවිධ වචන පාවිච්චි කරන්නේ කියන අදහස තීවෘ කරන්න.
මෙහෙම හරි වෙච්ච එක හොදයි. අපේ රටේ විනිසුරුවරු අයින් වෙනවනේ මෙයාගේ නඩු අහන්න බයේ.