
(මනෝප්රිය ගුණසේකර)
ප්‍රවීණ ගායක සුනිල් එදිරිසිංහ මහතා විසින් ගායනා කරනු ලබන ‘පිණිබර යාමේ සැවුලන් අඬලනවා’ නමැති ගීතය එහි රචක ලූෂන් බුලත්සිංහල මහතාගේ අවසරයකින් තොරව ‘ටොරානා ඩිස්ටිබුටර්’ සමාගම විසින් ‘සඳකඩපහණ’ නැමැති ඩීවීඩී පටයකට අඩංගුකර බෙදා හැරීමෙන් බුලත්සිංහල මහතාගේ බුද්ධිමය දේපල අවභාවිතා කිරීම වෙනුවෙන් රුපියල් දශලක්ෂයක වන්දියක් ගෙවීමට නියෝග කරමින් කොළඹ වාණිජ මහාධිකරණය දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කළේය.
‘ටොරානා ඩිස්ටිබුටර්’ සමාගම ගොනු කළ අභියාචන පෙත්සමක තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ එසේ නියෝග කරනු ලැබීය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන දිලීප් නවාස්, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න මහත්ම මහත්මීන්ගේන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි. අනෙකුත් විනිසුරුවරුන්ගේ එකගත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු දිලිප් නවාස් මහතා විසින් ප්‍රකාශයට පත්කළ තීන්දුවේ මෙසේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂ දහය හොඳටම මදි. මේවට දඩ අයකිරීම අද දවසේ මුදලේ වටිනාකමට ගැලපිය යුතුයි.
ලූෂන් බුලත්සිංහලයන් ලියූ සුනිල් එදිරිසිංහයන්ගේ සංගීත ලෝකය ආලෝකමත් කළ මෙතරම් වටිනා ගීයක් හොරකම් කළ එක නම් කලාකරුවන්ට කළ මදිකමක්...