(රංජන් කස්තුරි)
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සහ ලංකා විදුලි පොදු සේවක සංගමය ඇතුළු අනෙකුත් වෘත්තිය සංගම් අද (08) කොළඹ දී ස්ථාන දෙකකදී රැස්වී ලංවිම සේවක වැටප් ගැටළුව පිළිබඳව තීරණ කිහිපයක් ගෙන තිබේ.
ලංවිම ඉංජිනේරු සංගමයේ සාමාජිකයින් අද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේදී සාකච්ඡා කර ඇති අතර එහිදී ඉංජිනේරුවන්ගේ වැටුප් ගැටළුව සම්බන්ධයෙන් වන නීතිමය තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා නීති කමිටුවක් ද පත් කරගෙන තිබේ.
ලංවිම ඉංජිනේරුවන්ගේ නව වැටුප් තලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණ තීන්දුවෙන් පසුව ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් තීරණයක් ගැනීම එම නීති කමිටුවට පවරා තිබේ.
මේ අතර ලංකා විදුලි පොදු සේවක සංගමය සහ අනෙකුත් වෘත්තීය සමිති කොළඹ ලිපිකරු සංගම් ශාලාවේදී රැස්වී සාකච්ඡාකර ඇත්තේ අභියාචනාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරන ලෙස පාලනාධිකාරිය බලපෑම් කිරීමටය.
2014 වසරේ තිබූ ලංවීම සේවක වැටුප් තලය ක්‍රියාත්මක කරන ලෙස පාලනාධිකාරියෙන් ඉල්ලා සිටීමටද එම වෘත්තීය සමිති තීන්දුකර තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය 2015 වසරේ සිට ඉංජිනේරුවන්ට නව වැටුප් තලයක් ක්‍රියාත්මක කළ අතර එම වැටුප්තලයට එරෙහිව ලංකා විදුලි පොදු සේවක සංගමය අභියාචනාධිකරණයේ නඩු පවරා තිබිණි.
අභියාචනාධිකරණය ඉකුත් දා තීන්දු කරනු ලැබුවේ ලංවිම ඉංජිනේරුවන්ට ක්‍රියාත්මක කළ නව වැටුප් තලය නීති විරෝධී බවය.
ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම
වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල
පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලංවිම වැටුප් ගැටළුව ගැන වෘත්තීය සංගම් තීරණයකට
Mudali Monday, 08 April 2019 02:59 PM
එතකොට වැටුප්...?
liyanage Monday, 08 April 2019 04:26 PM
වැටුප් ප්‍රශ්නය විසඳීමට පළමුව විදුලිය කැපීමේ ප්‍රශ්නය විසඳුවා නම් මොකද?
Sri LankikaTuesday, 09 April 2019 05:21 AM
නීති විරෝධීනම්, ගෙවපු වැටුප් නැවත අයකල යුතුයි.
Don perera Monday, 08 April 2019 04:03 PM
මගේ වාසනාවට මම රටින් පිට වුණා. නැත්නම් මේ අය එක්ක වැඩ කරන්නයි වෙන්නේ.
saliya Tuesday, 09 April 2019 01:20 AM
අනෙක් මණ්ඩල වලට නැති විශ්‍රාම වැටුප් පවා තිබෙනවා නේද? නීතියට ගරු කර සේවය ලබා දෙන්න.
රවින් Tuesday, 09 April 2019 06:41 AM
ඊයේ මේගොල්ලෝ ඔක්කම තම තමන්ගේ සාක්කු ගැන කථා කර කර ඉන්නකොට කිසිම කරදරයක් නැතිව විදුලිය සැපයුම නම් තිබුණා. අද කොහොම වෙයිද දන්නේ නැහැ.
lalithm Tuesday, 09 April 2019 08:00 AM
වැඩ නොවේ. පඩි විතරක් ඇතිද?. ලංකාවේ ඉංජිනේරුවෝ ඉන්නවා නම් හැමදාම විදුලිය කපන්නේ මොකද? වැඩ බැරි හොරු? පුද්ගලික අංශයට දුන්නනම් හරියනවා.