IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලංවීම පෞද්ගලික බලාගාරයට කෝටි හය දාහක් පුදලා

(සුජිත් හේවාජුලිගේ )

ලංකා විදුලිබල මණ්ඩලය කැබිනට් මණ්ඩලයේ තීරණය පරිදි එස් පවර් ඇඹිලිපිටිය පුද්ගලික විදුලි සමාගම මිලදී නොගැනීමෙන් රජයට බරපතළ පාඩුවක් සිදුව ඇතැයි එස් පවර් ඇඹිලිපිටිය පුද්ගලික සමාගමෙන් විදුලිය මිලට ගැනීම සම්බන්ධයෙන්වූ විශේෂ විගණන වාර්තාවේ සඳහන් වේ.

මේ අතර බලාගාරයේ වටිනාකම නිවැරදි ලෙස තක්සේරු නොකිරීම හේතුවෙන් ධාරිතා ගාස්තුවේ ප්‍රතිලාභ වෙනුවෙන් කෝටි එකසිය විස්සක් වැඩියෙන් ගෙවා ඇති බවද නිරීක්ෂණය වූයේ යැයි එම වාර්තාව අනාවරණය කළේය.

හිමිකරුගේ ලංසුව අනුව එසේ ප්‍රතිලාභ වෙනුවෙන් ගෙවූ මුදල රුපියල් කෝටි 365 කි.

මෙරට විදුලිය ඉල්ලුම සපුරාලීම සඳහා එස් පවර් පුද්ගලික සමාගමෙන් 2005 වර්ෂයේ අප්‍රියෙල් 6 වැනිදා සිට වසර 10 ක කාලයක් සඳහා විදුලිය මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුමක් අත්සන් කර ඊට අනුව කටයුතු කර තිබූ බවත් එම ගිවිසුම අවසන්වූ පසු 2016 අප්‍රේල් 6 වැනි දා රැස් වූ අමාත්‍ය මණ්ඩලය බලාගාරය මිලදී ගැනීමට කටයුතු කරන ලෙසට ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් දී තිබූ බවත් වාර්තාවේ දැක්වේ.

රජයේ තක්සේරුකරු බලාගාරයේ වටිනාකම රුපියල් කෝටි 237 ක් ලෙස ගණනය කර තිබූ බව පවසන විගණන කාර්යාලය බලාගාරයේ හිමිකරු රුපියල් කෝටි 244 ක මිලක් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ හෙයින් බලාගාරය මිලදී ගැනීමට කටයුතු කර නොතිබූ බවත් සඳහන් කළේය.

නිවැරදිව තක්සේරු කළේ නම් බලාගාරයේ වටිනාකම රුපියල් කෝටි 417 කට ආසන්න අගයක් විය යුතු බවට විගණන අංශ නිරීක්ෂණය කර තිබිණ.

බලාගාරය මිලදී ගැනීමෙන් තොරව 2016 වර්ෂයේ සිට ඉන් විදුලිය මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් ගතවීම හේතුවෙන් විශාල මුදලක් ඒ සමාගමට ගෙවීමට සිදුව ඇති බවද විගණන වාර්තාවේ දැක්වේ.

විදුලිබල මණ්ඩලය 2016- 2021 දක්වා වසර පහක කාලයේ දී ඒස් පවර් ඇඹිලිපිටිය බලාගාරය වෙතින් පමණක් විදුලිය මිලදී ගැනීම සඳහා වැය කර තිබූ මුදල රුපියල් කෝටි 5945 කි.

දකුණු ප්‍රදේශයේ විදුලි බල අර්බුදය විසඳීම සඳහා යෝජනා කර තිබූ විකල්ප අවස්ථා දෙක සහ පහ සඳහා වැය වෙතැයි අපේක්ෂා කර තිබූ සම්ප්‍රේෂණ පිරිවැය මෙන් පිළිවෙළින් දහතුන් ගුණයක් සහ එකළොස් ගුණයක ධාරිතා ගාස්තු ගිවිසුම දීර්ඝ කරන ලද වසර පහ සඳහා සමාගමට ගෙවීමට සිදුව තිබූ බවද විගණන නිලධාරීහු පෙන්වා දෙති.

 



අදහස් (7)

ලංවීම පෞද්ගලික බලාගාරයට කෝටි හය දාහක් පුදලා

Deshan Monday, 27 February 2023 12:11 PM

මුන්ට සෝලාර් පැනල් තියෙන උන්ට රුපියල් 22 දෙනකොට තමයි කැසිල්ල. මේවට දෙන්න කෝටි ගණන් තියෙනව.

:       0       19

sachithMonday, 27 February 2023 12:25 PM

මේවට දැන් සල්ලිවලින් හොඳ ගාණක් ආපහු ලොක්කන්ගේ සාක්කුවලට එන නිසා තමයි සෝලාවලට අඩු සැලකිල්ලක් දෙන්නේ...!

:       0       14

muditha Monday, 27 February 2023 12:45 PM

තවමත් දේශපාලකයින්ට බණිනවද?

:       2       5

Bamunuarachchi Monday, 27 February 2023 02:05 PM

මොකෝ නොබනින්නේ දේශපාලුවෝ නොදැනුවත්ව නොවෙයි මේවා සිදුවන්නේ. ඔවුන්ගේ නම් නොගෑවී කුට්ටිය අතට එන විදිහටයි මේ හොරකම් හදලා තිබෙන්නේ?

:       1       5

fairoosMonday, 27 February 2023 02:47 PM

එහෙනම් කාංචනට සහ නන්දසේනට කීයක් ලැබිලා ඇතිද?

:       2       1

de silva Monday, 27 February 2023 02:05 PM

සෝල පැනල් මත ක්‍රියත්මක වන හයිබ්‍රිඩ් සිස්ට වලට මෙ ඉන්ජිනෙරුවො නිතරම ලෙඩ දමන්නෙ, කැමති ඔනෙම කෙනෙකුට සෝල පැනල් වලින් හයිබ්‍රිඩ් ක්‍රමයට විදුලිය නිපදවන්න අවස්තාව දෙන්න.

:       1       1

vernon Monday, 27 February 2023 03:09 PM

රජයේ තක්සේරුකරුවා කියන ගාණත් වැරදි, අයිතිකරු කියන ගාණත් වැරදි, එතකොට විගණන කාර් යාලය විතරක් හරි වෙන්නේ කොහොමද? එහෙම නම් විගණකවරු තක්සේරු කරුගේ වැඩේ කරේ කොහොමද? කොහොමත් මේ බලාගාරය ආණ්ඩුවට ගත්තා නම් ඒකේ සේවකයොත් ආණ්ඩුවේ සේවකයෝ වෙනවා නේද? එතකොට ඒ වැය බරත් රජයේ නේද? ඔය සේවකයො වර්ජන කරොත් අර නොරොච්චෝලේ වැඩේ නේද වෙන්නේ?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site