
(විමුක්ති එස් රුද්‍රිගු)
විදුලිබල අංශය ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම ශ්‍රී ලංකාව ඉදිරියට රැගෙන යා යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ මතය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් මහතා පැවසුවේය.
ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් බලශක්ති හා විදුලිබල ක්ෂේත්‍රවල කාර්යක්ෂමතාව වැඩි කරගැනීමට හැකියාව පවතින බවත් පොදුවේ රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බවත් ශ්‍රීනිවාසන් මහතා පෙන්වා දී ඇත.එසේම එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන වැඩසටහනේ කොටසක් බවද ඔහු ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලාංකිකයන් මුහුණ දී තිබෙන දුෂ්කරතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තේරුම් ගෙන තිබුණත් නිපදවීමට යන මුදල ජනතාවගෙන් අය කර නොගතහොත් අවසානයේ විදුලි බල අංශය පාඩු ලබනු ඇති බවත් එවිට එය ජනතාවගේ ප්‍රශ්නයක් වනු ඇති බවත් ශ්‍රීනිවාසන් මහතා පැවසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විය යුත්තේ සියලු බර ජනතාව මත පැටවීම නොවේ. රාජ්‍ය ව්‍යවසායයන් ලාබ ලබන තත්වයට ගෙන ඒමයි. ඒ තුළින් රාජ්‍ය ආදායම ඉහළ යන අතර ජනතාව මත පටවන අධික බදු බර අඩුවනු ඇත..
දැන් අපේ රටට විධායකය සහ පාර්ලිමේන්තුව ඕනෙද කියලා ප්‍රශ්න කරන්න වෙනවා. මොනවද IMF එක කියන විදිහට වැඩටික කරගෙන යන්න මේ අය ඕනෙ නැහැනේ. උපාධිධාරීන් කීප දෙනෙක් හිටියාම ඇති. එහෙම නැතිනම් ඒකට අති උතුම් සුපිරි විධායකය කියලා IMF එක උඩින්ම තියමු...