(ජයන්ත සමරකෝන්)
ලවණ මුසු වූ ජලය ලැබුණු කළුතර ප්‍රදේශයන්හි ජනතාව ජල බිල්පත් ගෙවීමෙන් නිදහස් කිරීම සඳහා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට දැනුම් දී ඇතැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා පැවසීය.
පරිසර රාජ්‍ය අමාත්‍ය ජයසිංහ සමරවීර මහතා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇතැයිද ඊට අදාල විසඳුම් ලබාදීම දැනටමත් ලබා දීමට කටයුතු කර ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
කළුගඟේ ජලයට මුහුදු ජලය එක්වීමෙන් ප්‍රදේශයේ පවුල් 72,000 ක් පමණ අසීරුතාවට පත්ව ඇතැයි ද,එම ජල පාරිභෝගිකයින්ගේ ජලබිල්පත් ගාස්තුව අය කිරීම අසාධාරණ බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
රටපුරා මේ වන විටත් උග්‍ර ජල හිඟයක් පැවැතීම වැළැක්විය නොහැකි යැයිද,ජලය එක්රැස් කර තබා ගැනීම සඳහා අඩු අදායම්ලාභි පවුල් සඳහා සහන මිලට ජල ටැංකි ලබාදීමට පියවර ගන්නා බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙ ළඟයි.., ඒකයි මේ සත්ව කරුණාව...
වතුර ලුණු ගතිය තියෙන නිසා මිනිස්සු ගහකට, කොලකට, මල් පැලේකට දාන්නවත් වතුර පාවිච්චි කලේ නැහැ.. ඉතින් කොහොමද ජල බිලක් එන්නේ?