
(මනුල වික්‍රම)
ලොවපුරා පැතිරෙන වසංගත රෝග දුරු වන්නටත් ඒ වෙනුවෙන් කැපවූ පිරිස්වෙත ආශිර්වාද පතා අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මිරිසවැටිය සෑ මළුවේදී සති පිරිත් දේශනාවක් ආරම්භ කළහ.
මිරිසවැටිය විහාරාධිකාරී හා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ඊතල්වැටුණුවැවේ ඤාණතිලක නාහිමියන්ගේ මෙහෙයවීම යටතේ සංවිධානය කළ එම සති පිරිත් දේශානාව සඳහා රුවන්මැලි චෛත්‍යාරාමාධිකාරී නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නා හිමියන් ප්‍රධාන මහ සඟරුවන එක්වූහ.
පිරිත් පිරීමට අනුශාසනාවන් සිදුකළේ ලංකාරාමාධිකාරී උතුරුමධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක රැළපනාවේ ධම්මජෝති සහ කොළඹ ඇලන් මැතිනියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක නාහිමිවරුන් ය.












2025 ඔක්තෝබර් මස 08
1923
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලොවට සෙත්පතා මිරිසවැටියේ පිරිත් පින්කමක්
උපාසක Wednesday, 08 September 2021 05:16 PM
මිනිස්සු ආත්මාර්ථකාමීව හා තණ්හාවෙන් පිරි එකිනෙකාට මෛත්‍රී නොකර සිටියොත් සතියක් නොවෙයි වසරක් පිරිත් කිව්වත් සෙතක් ඇතිකළ නොහැකි වේවි...!
RaveendraWednesday, 08 September 2021 06:24 PM
ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා වාසි සැමටත් ලෝක වාසීන්ටත් ඉක්මනින් මෙම ව්‍යසනයෙන් බේරීමට හැකි වේවා යන්න අප හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.
කිරි පුතා Wednesday, 08 September 2021 06:33 PM
සාදු ! සාදු ! සිල් ගුණ, මෛත්‍රී ගුණ , ත්‍රිිවිධ රත්නයේ මහා ගුණ බෙලෙන් ලොවටම සහනයක් වේවා. මිනිස් සිත් අකුසලෙන් මිදේවා. අකුසල කර්ම මැඩේවා.
සෙනෙවිරත්න Wednesday, 08 September 2021 06:53 PM
මේවා ඉතිං අනේ මං දන්නේ නැහැ.
පිටිගල මිලානෝ Thursday, 09 September 2021 02:39 AM
දැන් ඔක්කෝම හරි. හෙට ඉදලා කෝවිඩ් ඉවරයි..... රුපියල පරන අගයටම යනවා.... රට සාමාන්‍ය තත්වයට පත්වෙනවා. පිච්චමල් වරුසාවකුත් තිබ්බනම් රට ගොඩේ ගොඩ...
දාස Thursday, 09 September 2021 05:22 AM
පාලකයෝ අධර්මිස්ථ, නීතියට ගරුනොකරන, තම රට වැසියන් පෙලමින් ඔවුන් සුඛ විහරනයේ යෙදෙන්නේ නම් මෙවැනි පිරිත් සංඝායනවලින් කිසිවිටෙකත් ප්‍රථිපලයක් නොලැබෙනු ඇත. බුදුන් වදාළ ධර්මය එයයි.
නන්දසේන Thursday, 09 September 2021 06:20 AM
මිත්‍යාදෘශ්ටික අදහස්. යම් බලයක් තිබේ නම් මෙවැනි ක්‍රියාකාරකම් කල යුතුව තිබුනේ ලෙඩුන් පන් දහසකට වඩා වාර්තා වූ කාලවලදී ය. දැන් දැන් රෝගීන් වාර්තා වීම අඩුවක් දක්නට ලැබෙන සමයේ මෙවන් ක්‍රියාකාරකම් සිදු කරනු ලබන්නේ ජයග්‍රහණය තමන් සතු කරගැනීමේ උවමනාවෙන් බව කිව යුතුය.
ජයවර්ධන හේමපාල Thursday, 09 September 2021 06:44 AM
ආගමික ස්ථානවලින් උදේ හවස සිදුකරන අමානුෂික ලවුඩ්ස්පීකර් කරදරයෙන් අපව බේරාගන්න !!!
achini Thursday, 09 September 2021 10:28 AM
කුහක සමාජයකට දෙවියන්ගේ පිහිට නැහැ
nuwan Thursday, 09 September 2021 10:51 AM
පන්සල් පල්ලි කෝවිල් ඔක්කොම වැහුවා නේද කොරෝනා වලට.?
dhamneth Thursday, 09 September 2021 01:59 PM
සියලු දෙනාම සුවපත් වේවා. යහපතක්ම වේවා