(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික බලන්ගොඩ ප්‍රදේශයෙන් හමු වී ඇති බව ජාතික ස්වර්ණාභරණ අධිකාරිය කියයි.
" අඩි දෙකකට වඩා උසකින් සහ අඩි දෙකකට වඩා පළලකින් යුත්ත මෙම මැණික මේ වන විට එහි වර්තමාන හිමිකරු වන හොරණ තල්ගහ විල ප්‍රදේශයේ නිවසක තැන්පත් කර ඇත.
ආසියාවේ රැජින " හෙවත් queen of asia ලෙස නම් කර ඇත.
එහි බර කැරට් 1,550,000 ක්) (කිලෝ 310 ක්) පමණ වන බවද එම අධිකාරිය පවසයි.තනි පාෂාණයකින් මෙම මැණික නිර්මාණය වීම විශේශත්වයක්.
මෙම මැණිකේ හිමිකරු වූ චමිල සුරංග මහතා රත්නපුර ප්‍රදේශයේ මැණික් පර්යේෂණ හා ගවේෂණ ආයතනයක අධ්‍යක්ෂ වරයෙකි. වසර 10 ක කාලයක සිට මැණික් පිළිබඳ ගවේෂණයකදී ඔහුට මෙම මැණික හමු වී ඇත්තේ බළන්ගොඩ ප්‍රදේශයෙනි.
මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මෙසේ කීය.
මෙම මැණික කොරෝන්ඩො පවුලට අයත් නිල් ගෙව්ඩවලින් තනි ගලකින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මේ මැණික වෙන කෙනකුට හම්බවුණා නම් කපලා නිල් මැණික් ටික අරගෙන ආභරණ සඳහා විකුනනවා. එලෙස සිදු කිරීම විශාල අපරාධයක් ආභරණ හදන්න ඕන තරම් මැණික් තියනවා. මෙම මැණික් ගලට මේ වන විට ඇමරිකාවෙන් සහ ඩුබායිවලින් ඉල්ලුම් ලැබී තිබෙනවා.
කිසියම් රටකට මෙම මැණික විකුණලා මගේ රටට විදේශීය විනිමය ලබා දීම මගේ එක බලාපොරොත්තුවක්.
ඒ වාගේම අනාගත පරපුරට දැක බලා ගන්න මේ විශාල මැණික ලෝකෙ කොහේ හෝ රටක කෞතුකාගාරයක තැන්පත් වෙලා තියෙනවා නම් හොඳයි කියා මා හිතනවා.
ඒ නිසා එසේ කෞතුකාගාරයක තැන්පත් කරන රටකට මෙම මැණික විකුණන්න තීරණය කරල තියෙන්නේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ දවස්වලත් කිව්වා නේද ලෝකේ ලොකුම මැණික් පොකුර හම්බ වුනා කියලා.... අර පාශානෙක ෆොටොත් දැම්මේ? ඇත්ත බොරු කෙසේවෙතත් ඕක මැණික් ඇමතිගෙන් පරිස්සම් කරගන්න.
අපේ සර් හින්දා තමයි.. මෙහෙම ලංකාවට හම්බ වෙන්නේ...
ලොකුම ඒවා කියාගන්න ඒවා දැන් කීයක් නම් හම්බ වුණාද? ඒවාට මොනවද වුනේ?
ඩෝන්.. ගාලා විශාල ශබ්දයක් ඇසුණා.. සක්වල ගල ප්‍රකම්පිත කරගෙන විශාල මැණිකක් මතුවුණා. ස' ගේ සහ රටේ වාසනා මහිමය...
හරකුන්ට පුන්නක්කු තමයි දෙන්න තියෙන්නේ...
මෙන්න අලුත්ම තිරරචනය...!
දැන් මාස 3න් 3ට වගේ ටොන් භාගයක මැණික් ගල් මතුවෙනවනේ... මේක තමයි 69 ලක්ෂය ඉල්ලපු ආශ්චර්යය.
මැණික් ගලේ වාසනාවේ සතුට සමරන්න බෝක්කු කටක චිත්‍ර අදිමුද? කෝ ඒ චිත්‍ර මල්ලිලා දැන් පේන්නවත් නැහැනේ.
රටේ වර්තමාන ආර්ථික තත්වය සලකාබලා නාගලෝකෙන් එවන ආධාර තමයි මේ පොකුරු පිටින් එන්නේ... ලොකු සද්දයක් එහෙම ඇහුනේ නැද්ද?
නිධන් හාරහාර ගත්තු ඒවාද කොහෙද, දැන් හෙමින් හෙමින් එළියට එන්නේ....
ඔය මැණිකට වඩා මයේ මැණික මට වටිනවා...
‘‘අම්මෝ මැණිකේ මගේ හිතේ....‘‘
මැදපෙරදිග ස්වාභාවික තෙල් සම්පතෙන් රටේ සියලු පුරවැසියන් හට ප්‍රතිලාභ ලබාදෙන අතර අපේ රටේ මැණික් ස්වභාවික සම්පතෙන් ඉතාම සුලු පිරිසක් අතරේ විශාල මුදලක් කැරකෙනවා. මේ ක්‍රමයයි වෙනස් වෙන්න ඕනෑ.
ලෝකයේ ලොකුම දේවල් කීයක් හම්බවුණත් ජනතාවට එයින් කිසි ප්‍රතිලාභයක් නැහැ. මොනවා හම්බවුණත් ජනතාවට ඒවයින් ප්‍රයෝජන නැත්නම් එය ප්‍රවෘත්තියක් විතරයි. අරාබියේ තෙල්වල ප්‍රතිලාභ රට වැසියන්ට.... අනිත් රටවල්වලත් එහෙමයි. මෙහේ පාලකයන්ට සේරම...
පර්යේෂණ කරලා මැණික හොයගත්තා කියන කතාවේ ලොකු බොරුවක් තියෙනවා. එහෙම නම් අනවශ්‍ය විදිහට පතල් හාරන්නේ ඇයි. හැම පතලෙකින්ම මැණික් හම්බවෙන්නෙත් නෑ. මෙයා කියන විදිහේ තාක්ෂණයක් මැණික් සොයා ගන්න පුලුවන්නම් මේ වෙද්දී මේ රටේ මැණික් ඔක්කොම ගොඩට අරගෙන. එකත් එකටම නිධානයක් ගොඩදාලා. ඒකට හොද පර්යේෂකයන් මේ රටේ අපමණයි.
මේ කතාව ගැටලු සහගතයි ,මොහු පර්යේෂකයෙක් පතල් හිමියෙකුට මැනික් ලැබෙන්නේ. එත් හවුල් උනු සියළු දෙනාටත් කොටස් බෙදෙනවා .
මුදල් විශුද්ධිකරණයට හොඳම ක්‍රමය මේක තමයි..!
කටුගෙයි වටිනා පුරාවස්තු වලට උනා වගේ ඔය මැණිකත් බහිරවයා ගෙනියන්ඩ බැරී නැහැ
පොලොව යට තියෙන දේවල් අයිති වෙනම කට්ටියකට .ඊට පස්සේ මේ කතාව පුස්සක් , මොන කථාත් නැහැ .
මුලු පොළවෙන්ම මැණික් ලැබුණත් කණාට මැණික් ගලේ පය හැපුණාට දන්නේ නෑ වගේ ජාතියක්නේ.... මොනවා කරන්නද... ලොකු ලොකු ඒවා ලැබෙනවා ... පෝලිම්වල ඉන්නවා.