IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ලොව පුරා කොරෝනා ආසාදිතයන් මිලියන 15 ඉක්මවයි

ලොව පුරා කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව අද (22) දිනයේ මිලියන 15 සීමාව පසු කලේය. ඒ අනුව මේ වනවිට ලොවපුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 15,107,950කි.

ජූලි 13 වන දින වනවිට ගෝලීය ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 13ක්ව තිබූ අතර මිලියන 15 ඉක්මවා යෑමට ගතවූයේ දින 8කි.විදෙස් සමීක්ෂකයන් පෙන්වා දෙන්නේ මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්ෂිකව ලොව පුරා වාර්තා වන ඉන්ෆ්ලුවෙන්සා ආසාදිතයන් සංඛ්‍යාව මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි බවයි.

ලොව වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙන් වන අතර එය මේ වනවිට මිලියන 4 ඉක්මවා තිබේ.
දෙවැනියට වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. ඉන්පසු පිළිවෙලින් ඉන්දියාව, රුසියාව සහ දකුණු අප්‍රිකාව වැඩිම රෝගීන් සංඛ්‍යාවන් වාර්තා කර තිබේ.

කොරෝනා රෝගය හේතුවෙන් ලොවපුරා මරණ 619,817ක් සිදුවී ඇත.

රොයිටර් පුවත් සේවය පවසන්නේ ඔවුන් කළ ගනනය කිරීම්  අනුව ලෝකයේ ආසාදිතයන් වාර්තා වීමේ වේගය මන්දගාමී වීමක් දක්නට නොලැබෙන බවයි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
 



අදහස් (0)

ලොව පුරා කොරෝනා ආසාදිතයන් මිලියන 15 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31687 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14154 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11123 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 196 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1123 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 310 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site