ලොව අංක එකේ ධනවත් පුද්ගලයා ලෙස සැලකෙන ඉලෝන් මසක් සහ ලුවී වටාන් මවු සමාගම වන එල්වීඑම්එච් හි සභාපති බර්නාර්ඩ් ආර්නොල්ට් අතර ධනවත් පුද්ගලයන් අතර අංක එකේ ස්ථානය සඳහා ඊයේ (07) තියුණු තරඟයක් ඇති වූ බව ෆොර්බ්ස් සඟරාව වාර්තා කළේය.

 බර්නාර්ඩ් ආර්නොල්ට්, ඊයේ (07) ලොව අංක එකේ ධනවත් පුද්ගලයා ලෙස සැලකෙන ඉලෝන් මසක් දෙවතාවක් පසුකරමින් ලොව අංක එකේ ධනවත් පුද්ගලයා යන කිරුළ දෙවරක් හිමිකරගැනීමට සමත්විය.ඇමෙරිකානු කොටස් වෙළඳපොළ ඊයේ (07) අවසන් වන විට බර්නාර්ඩ් ආර්නොල්ට්ගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 184.7 ක් බවත් ඉලෝන් මස්ක්ට වඩා ඩොලර් මිලියන 100 ක් ඉදිරියෙන් සිටි බවත් ෆෝර්බ්ස් සඟරාව පෙන්වා දුන්නේය.

නමුත් නැවත වරක් ඉලෝන් මස්ක් බර්නාර්ඩ් ආර්නොල්ට් පසු කරමින් ලොව අංක එකේ ධනවත් පුද්ගලයා වීමට සමත්ව ඇත. ඉලෝන් මස්ක්ගේ නව වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 185.4 ක් බව ෆෝර්බ්ස් සඟරාව සඳහන් කළේය.

034