(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
මිලියන 600 ක් වැය කරමින් සිල්රෙදි බෙදා දීමේ සිද්ධියට එවකට ජනාධිපති ලේකම්ව සිටි ලලිත් වීරතුංග මහතා අදාල මුදල් විදුලි සංදේශ ගිණුමට බැර කළත් ඒවා ඔහුගේ පෞද්ගලික පරිහරණයට ලබා ගෙන නැතැයි ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන අය විසින් ගොනු කළ අභියාචනා පෙත්සම් අද (23) අභියාචනාධිකරණය විභාගයට ගත් අවස්ථාවේදී ඒ මහත්වරුන් වෙනුවෙන් පෙනි සිටි නීතීඥ කංචන රත්වත්ත මහතා කියා සිටියේය.
ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට මහත්වරුන් විසින් ඉදිරිපත් කළ එම අභියාචන පෙත්සම් කුමුදිනී වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න මහත්මීන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (23) සලකා බැලිණි.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කංචන රත්වත්ත මහතා කරුණු දක්වමින් මෙසේද කිය.
“ලලිත් වීරතුංග මහතා අදාල මුදල් විදුලි සංදේශ ගිණුමට බැර කළත් ඒවා ඔහුගේ පෞද්ගලික පරිහරණයට ලබා ගෙන නැහැ.මේ නඩුව මහාධිකරණයේදී විභාගයට ගෙන ඇත්තේ විනිසුරු පූර්ව නිගමන වලට එලැඹ ගෙනයි.නඩු තීන්දුවේ දේශපාලන වචන බහුලව භාවිතා කොට තිබෙනවා. තවද නඩු විභාගයේදී සාක්කිකරුවන්ට හිරිහැර වන ලෙස මහාධිකරණ විනිසුරු ප්‍රශ්න කර තිබෙනවා.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාපා මහතා මෙසේද කීය.
“ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම සතු රුපියල් මිලියන 600 ක් වැය කරමින් සිල් රෙදි බෙදා දීමේ ව්‍යාපෘතිය සිදු කිරීමෙන් රජයේ මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය කළ බවට පවරා තිබූ නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරුවරයාගේ නඩු විමසීමේ ක්‍රියාකලාපය ගැටලු සහගතයි.
සාමාන්‍ය නඩු විභාගයකදී සහ නඩු තීන්දුවකදී භාවිතා කරන නීතිමය වචන වෙනුවට දේශපාලන වචන එම මහාධිකරණ නඩුවට ඇතුළු කර තිබෙනවා.
ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම හරහා රජයට අයත් රුපියල් මිලියන 625 ක මුදල් අවභාවිත කිරීම හා පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට විත්තිකාර අභියාචකයින්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා නඩු විභාගයක් පැවතණි.
එම නඩු විභාගයේ තීන්දුව ඉකුත් 2017 සැප් 07 වැනිදා ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී වැරදිකරු බවට තීන්දු කෙරුණු හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අයට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් හා මිලියන 2 බැගින් වන දඩ මුදලක් සහ මිලියන 50 ක වන්දි මුදලක් නියම කළේය.
එම දඩ මුදල් හා සිර දඩුවම් නියම කර ඇති ආකාරය නීති විරෝධී යැයි පෙන්වා දෙමින් අභියාචනා ඉදිරිපත් කරන පෙත්සම්කරුවන් එම දඬුවම අහෝසි කර තමන්ව සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි.
විත්තිකාර අභියාචක පෙත්සම්කරුවන් වන හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාපා නීතීඥ කාංචන රත්වත්තේ යන මහත්වරුන් පෙනී සිටියහ.
නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතීඥ ජයලක්ෂි සිල්වා මහත්මිය පෙනී සිටියහ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලලිත් වීරතුංග - අනුෂ පැල්පිට ගොනුකළ පෙත්සම විභාගයට
saman Thursday, 23 July 2020 02:54 PM
මේ සිද්ධියේ මහ මොලකාරයා ලෙස සිටි සම්පත් අමරතුංග මහතා තවමත් නිදැල්ලේ. ඔහු තවත් සෙල්ලම් කරමින් සිටිනවා. කවුරු බලයට ආවත් සැන්ඩි වගේ ඔහුව පාවිච්චි කරනවා. මෙ රටේ උගත්තු නැද්ද මන්දා...? පසුගිය කාලය පුරා ජපුර විනාශ කරපු, ටයර් සංස්කෘතිය ඇති කරපු මිනිහා තවම නිදැල්ලේ...