
(අංජුල මහික වීරරත්න)
කෘෂිකාර්මික කටයුතු වලදී වගාවට වන සතුන්ගෙන් සිදුවන හානිය සහ එම හානිය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගත හැකි ආකාරය පිළිබඳව කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ඇමරිකා තානාපතිනිය සමඟ සාකච්ඡා පැවැත්වීය.
ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිය ජූලි චන්ග් මහත්මිය සහ කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අතර විශේෂ හමුවක් අද (18) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණ.
මෙහිදී කෘෂිකර්මාන්තය නඟා සිටුවීම සහ දේශීය ගොවියාගේ ආර්ථිකය නඟා සිටුවීම සඳහා අවශ්‍ය ඇමරිකානු සහාය ලබා ගත හැකි ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය.
අමාත්‍යවරයා මෙහිදී දේශීය නිෂ්පාදන සඳහා අවශ්‍ය විදේශ වෙළඳපොළ සොයාගැනීම, දේශීය ගොවි සමාගම් සංකල්පය ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය සහාය ලබා ගැනීම මෙන්ම වනසතුන්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ උපදේශක සහාය ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කළේය.
එසේම දේශීය කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට හා දේශීය ගොවි සමාගම් සඳහා ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සහාය ලබා ගැනීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු විය.
ශ්‍රී ලංකාවේ පොල් කිරි හා පොල් ආශ්‍රිත නිෂ්පාදන නවීකරණයට අවශ්‍ය සහාය ලබා දීමට මෙහිදී ඇමරිකා තානාපතිනිය එකඟතාව පළ කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිලව් මර්දනයට ඇමැරිකාවේ සහය මොකටද බං. ඉස්සර වගේ ගොවියන්ට තුවක්කු බලපත් නිකුත් කරා නම් ඉවරයි. එහෙම නැත්නම් ග්‍රාම ආරක්ෂක පස් දෙනෙක් ටික කාලයකට ගමකට වෙන් කරන්න ඒ කාර්යය වෙනුවෙන්.
දැන් සියලු ප්‍රශ්න විසඳන්නේ ජුලි චැන්, ඒ දවස්වල මෙයාව පේන්න බැරිව නේද හිටියේ?
ජුලී එන්නේ රිලව් ගැන දැනගන්න නෙමේ… බුද්ධාගම තවත් හලන හැටි කියලා දෙන්න ජෙප්පන්ට… මේවා ඩයස්පෝරා අයගේ ඉල්ලීම් ජෙප්පෝ වැඩ කරන්නේ පල්ලියටයි, ඩයස්පෝරා අයටයි… මව්බිම නැතිනම් මරණය කියපු...
උපදෙස් මොකටද? ඇමෙරිකාවේ වගාවට හානිකරන බයිසන් ගවයින් වෙඩි තියලාම තමයි ඉවර කලේ. මුවන් බෝවෙලා වගා හානි කරන තත්වෙට පත් වුණාම කොනක ඉඳන් වෙඩිතියලා මරන්න අවසර දෙනවා. ඒ වැඩේ පටන්ගත්තා නම් ඉවරයිනේ...!
ඇමෙරිකාවේ එක රිළවෙක්වත් නැහැ. නමුත් සහාය ගන්නේ ඇමෙරිකාවෙන්...
මේකේ කමෙන්ට් දාලා තියෙන ඈයෝ බහුතරයක් මෝඩ මිනිස්සු. ලංකාවේ ඉන්න රිලව් ඒකදේශික සතුන් ලංකාවට මිනිස්සු එන්න අවුරුදු මිලියන ගාණකට කලින් ලංකාවේ හිටියේ, වෙන කිසිම රටක අපේ රිලව් නෑ. තාමත් රතු දත්ත පොතට අනුව අන්තරාවට ලක්වූ සතුන්, ජාත්‍යන්තර නීතියට අනුව එහෙම සතුන් කිසිම රටකට මරන්න බෑ වගේම ඒකදේශික සතුන් අපනයනය කරන්න තහනම්. අනිත් එක ජුලී චෑන් කොරියානු බෞද්ධ. ලංකාවේ හිටිය ගවරාට වගේම කුරු අලින්ට වුනේත් ඕකම තමයි, ඉංග්‍රීසි ආණ්ඩුව ලංකාවේ අලි, ගවරන් වැඩි කියලා ඔක්කෝම මරලා දැම්මා. දැන් කෝ ඒ සත්තු? ඉස්සර ලංකාවේ සිංහලයෝ හිටියලු නේද? කෝ දැන්? මේකට කරන්න පුළුවන් හොඳම දේ රිලව් ජනගහනය පාලනයට වඳ සැත්කම් කරන එකයි, ජපානයේ වගේ වෙනම රක්ෂිතයක් හදලා දෙන එකයි. ලංකාවේ මිනිස්සු මුළු භූමියෙන් 92% පාවිච්චි කරද්දී සතා සිව්පාවාට තියෙන්නේ 8% එකත් බදුර්දීන් වගේ අය කපන් යනවා.