IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලොරියට නංවාගෙන තරුණිය කෙළසු තිදෙනා මාට්ටු

(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම් )

සේවය නිමවා නිවසට යමින් සිටී 18 හැවිරිදි තරුණියක නිවසට ඇරලවීමට යැයි පවසා ලොරි රථයක නංවාගෙන ගෙලට කිනිස්සක් තබා ලොරි රථය තුලදීම සමූහ දූෂණයක් කළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන්  තිදෙනෙකු  අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර අරුක්ගොඩ  සහ එගොඩඋයන ප්‍රදේශයේ පදිංචි 45, 24 සහ 23 වියැති පුද්ගලයන් බව පොලිසිය කීය.

සමූහ දූෂණය කිරීම සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු සහ සහායකයාද එයට අනුබලදීම සම්බන්ධයෙන් ලොරි රථ හිමිකරුද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය.

ඉකුත් 03 දා රාත්‍රි පානදුර නගරයේ වෙළද සැලක සේවය නිමවා නිවසට යමින් සිටී තරුණිය නිවසට ඇරලවීමට ලොරි රථයකට නංවාගෙන වාද්දුව ප්‍රදේශයේ පාළු වත්තකට රැගෙන ගොස් ගෙලට කිනිස්සක් තබා දූෂණය  කල බවට වින්දිත තරුණිය කල පැමිණිල්ලක්  මත ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ල මහතාගේ සෘජු අධීක්ෂණය පොලිස් කණ්ඩායම් දෙකක් සිසීටීවී දර්ශණ සියයකට වැඩි ප්‍රමාණයක් පරීක්ෂා කිරීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

තරුණිය නංවාගෙන සමූහ දූෂණයට ලක්කල ලොරි රථය , බියගැන්වීමට යොදගත් උල්පිහිය සහ පුළුන් කොට්ටයක්ද නඩුභාණ්ඩ වශයෙන් සොයාගත් බව පොලිසිය කීය.

ස්ත්‍රී දූෂණ චෝදනා එල්ලවී ඇති එක් සැකකරුවෙකු මාස අටකට පෙර විවාහවී ඇති අයෙකු බවද පොලිසිය සදහන් කරයි. සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි 

 



අදහස් (9)

ලොරියට නංවාගෙන තරුණිය කෙළසු තිදෙනා මාට්ටු

pakeer Thursday, 16 March 2023 11:00 AM

මුන්ගේ වෘෂණ කෝෂ ගලවලා හෝමෝන විදින්න ඕනේ.මුන්ගේ ශිශ්නය පන නැති වෙන්න

:       0       44

දිමුත්Thursday, 16 March 2023 02:43 PM

හරියට හරි. ඔය වගේ දඩුවමක් සමහර රටවල භාවිතා වෙනවා..

:       0       11

Banda Thursday, 16 March 2023 11:19 AM

ඉන්දියාවේ වගේ මුන්ට මරණ දඬුවම දෙන්න.

:       0       35

කිරිපුතා Thursday, 16 March 2023 12:05 PM

වැඩක් නෑ. නීතියක් , දඬුවමක් නැති රටක පොලීසියේ වෙහෙස අහක යනවා.

:       0       37

ලුම්බිණි Thursday, 16 March 2023 12:36 PM

දෙන්න අඩු වශයෙන් අවුරුදු 20ක හිර දඬුවමක් වත්.

:       0       30

ලසන්ත Thursday, 16 March 2023 04:13 PM

හරක් පට්ටියේ ගොනුන්ට කරන වැඩේ කරල නිදහස් කලොත් ජනතා මුදලින් යැපෙන්නෙ නැහැ නැත්නම් බන්ධනාගාරයේදී ආහාර ඇදුම ආදියට වියදම් වෙනවා ජනතා මුදල් මෙහෙම එවුන් නඩත්තුවට ගැනීම සුදුසු නැහැ

:       0       0

dilan Thursday, 16 March 2023 01:54 PM

ඇටෙත් එක්කම කපලා ගන්න ඕන

:       1       17

නිකොලොස් Thursday, 16 March 2023 01:56 PM

මේ මෝඩ කෙල්ල ඇයි මේ මහ රෑ අඳුනන්නේ නැති ලොරිවලට නගින්නේ.

:       6       12

පැරකුම්Thursday, 16 March 2023 03:08 PM

හරියට හරි මමත් මේ කියන්න හිටියෙ ඕකම තමයි. මෝඩකමට බෙහෙත් නෑ. මේව හොද පාඩම් අනිත් අයටත්.

:       5       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 417 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1026 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site