
(එම්.සුසිල් පියන්ත)
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කොස්ගොඩ ඉදුරුව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී අද(19) දහවල් දර පටවාගෙන ගිය ලොරි රථයක් දුම්රියක ගැටී එහි ගමන්ගත් දෙදෙනාගෙන් එක් අයෙක් මරුමුවට පත්වී අනෙක් තැනැත්තා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව කොස්ගොඩ පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අවුරුදු පනස් පහක් පමණ වයසැති අයෙක් බවත් ඔහු සහ බරපතල තුවාල ලබා ඇති තැනැත්තා ඉදුරුව මහ ඉදුරුව ප්‍රදේශයේම පදිංචි අය බවද පොලීසිය කියයි.
ගාල්ලේ සිට කොළඹ දෙසට යමින් සිටි දුම්රියක කොස්ගොඩ සිට් පැමිණි දර පටවා ගෙන පැමිණි ලොරි රථයක් ගැටී ඇති බවද පොලීසිය කියයි. දුම්රියේ ගැටුණු ලොරි රථය කුඩු පට්ටම්වී ඇති බවද පොලීසිය කියයි.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.