
(ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩ්. ධර්මකීර්ති)
ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙන් එක් අයකු ජීවිතක්ෂයට පත්ව පස් දෙනකු තුවාල ලබා ඇති බව තඹුත්තේගම පොලිසිය පවසයි.
කොළඹ අනුරාධපුර ඒ 28 ප්‍රධාන මාර්ගයේ තඹුත්තේගම බෙල්ලන්කඩවල ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුවී තිබේ.
බණ්ඩාරගම සිට අනුරාධපුර ප්‍රදේශයට අඹ කඩීම සදහා පැමිණි කුඩා ප්‍රමාණය ලොරි රථයක් සහ අනුරාධපුර සිට තඹුත්තේගම දක්වා ඉන්ටලොක් ගල් පටවා ගත් විශාල ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
කුඩා ප්‍රමාණය ලොරි රථයේ රියැදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සැක කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd