
(අජිත්ලාල් ශාන්තඋදය)
කොළඹ මඩකලපුව ඒ 4 ප්‍රධාන මාර්ගයේ රත්නපුර තිරිවනාකැටිය ප්‍රදේශයේදී අද(31) සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා රත්නපුර ශික්ෂණ මහ රෝහලට ඇතුළත් කළ බව රත්නපුර පොලිසිය පැවසුවේය.
අනතුරට ලක්ව ඇත්තේ ලොරි රථයක් සහ වෑන් රථයකි. වෑන් රථයේ ගමන්ගත් පස් දෙනෙක් සහ ලොරි රථයේ සහායක මෙලෙස තුවාල ලබා ඇත.
ගොඩනැගිලි ද්‍රව්‍ය පටවාගෙන පැල්මඩුල්ල දෙසට ගිය ලොරියේ ගැටී ඇත්තේ මොණරාගල ප්‍රදේශයේ අවමගුල් නිවසකට ගොස් ආපසු රත්නපුර දෙසට එමින් සිටි වෑන් රථයකි.
අනතුරින් පසු ලොරි රථය පාර හරහා පෙරලී තිබුණි. වැන් රථයට දැඩි අලාභහාන් සිදුව තිබූ අතර එහි ගමන් ගත් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද පොලිසිය පැවසුවේය.
COMMENTS