(නිමල කොඩිතුවක්කු)
මේ වසරේදී සහ ලබන වසරේදී ජාතික විදුලිබල පද්ධතියට එකතුවිය යුතු මෙගාවොට් 100 ක් පමණ වන අවශ්‍ය විදුලි ධාරිතාවය එක් නොවීමෙන් ලබන වසරේ අපේ‍්‍රල් - මැයි වන විට දිවයිනට දැවැන්ත විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදුවිය හැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
එම විදුලි අර්බුදය ඇතැම් විට විදුලි කප්පාදුවක් දක්වා යා හැකි බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.
ලංකා විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසන් සභාව සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ මගී ප්‍රවාහන කලමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර ලංකා ඛනිජ තෙල් අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවේදී මේ බව අනාවරණය විය.
විදුලිබල පද්ධතියට අමතර ධාරිතාවයක් එක්කළ හැකි සූර්යබල ශක්ති සහ සුළං බල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සහ විදුලිබල අමාත්‍යාංශය විසින් කිසිදු පියවරක් ගෙන නොමැති බවත් පසුගිය වසර 5ක කාලය තුළ සූර්ය විදුලිබල පද්ධති ක්‍රියාත්මක කිරීම අකර්මන්‍ය කිරීමට කටයුතු කර ඇති බවත් මෙහිදී අනාවරණය විය.
මෙසේ ජාතික පද්ධතියට අලුතින් විදුලි ධාරිතාවයක් එක් නොවිමට හේතුවී ඇත්තේ ජාතික විදුලිබල පනත බවත් අදාළ පනතේ පවතින යම් යම් වගන්ති හේතුවෙන් නව විදුලි උත්පාදනය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට බාධාවක් වූ බවත් එම හමුවට එක්වූ විදුලිබල ක්ෂේත්රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පෙන්වා දී තිබේ.
ජාතික විදුලිබල පනත පිළිබඳව කරුණු සොයා බලා, විදුලි නිෂ්පාදනයට එම පනත මගින් කිසියම් බාධාවක් වන ආකාරයේ වගන්ති ඇත්නම් ඒවා සංශෝධනය කර, විදුලි නිෂ්පාදනය වෙනුවෙන් එල්ල වී ඇතැයි සැළකෙන බාධාවන් ඉවත් කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කිරීමටද අමාත්‍යවරයා එහිදී පියවර ගනු ලැබීය.
එසේම ලබන සතියේ දී මේ සම්බන්ධයෙන් වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ද කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එසේම ලබන වසර වනවිට ඉදිකිරීමට යෝජිත නව එල්.එන්.ජී. බලාගාරයේ ඉදිකිරීම් කටයුතු සදහා මේ වනවිට වෙන්කර ඇති අක්කර 20 ක භූමි ප්‍රමාණයට තවත් අක්කර 10ක ප්‍රමාණයක් එක්කර හැකි ඉක්මණින් අදාළ ව්‍යාපෘතිය ආරම්භ කරන ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන් උපදෙස් ලබා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම නම් දැන්ම තියා සූර්ය සහ සුළං විදුලි ජනන පද්ධතිවලට අවසර දෙන්න... අපිට මේ අර්බුද අනතුරු ඇඟවීම් දෙන්න එන්න එපා... පෙර සූදානමක් සහිත සැලැස්මක් කියන්න... මහ ජනතාවගේ වියදමින් විදුලිය කන දේශපාලුවන්ගේ පරිභෝජනය සීමා කරන්න..
ලඟදීම විදුලියට හොඳ මිලක් වැඩි කරන රටක්...
විදුලි බලාගාර ටික සාදා ඉවර වෙනතුරු මේ සඳහා තාවකාලික විසඳුමක් ඇත. එනම් කොළඹ හා අනෙකුත් නගර වල ප්‍රධාන පෙලේ දිවා කාලයට මෙන්ම රාත්‍රී කාලයට අධික ලෙස විදුලිය පරිභෝජනය කරන ආයතන වලට විශේෂයෙන් රාත්‍රී කාලයේ ජෙනරේටර් මගින් විදුලිය ලබාගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමයි. එමගින් රාත්‍රී කාලයට එම ආයතන මගින් ලබා ගන්නා විදුලියෙන් නිවාස ගණනාවක් ආලෝකමත් කිරීමටත් විදුලි ඉල්ලුම අඩුකර ගැනීමටත් හැකිවේ... එසේම විශ්ව විද්‍යාල හා අනෙකුත් විශාල ප්‍රමාණයේ වහල ඇති ගොඩනැගිලි පවතින ආයතනවලට සූර්ය පැනල සවිකර දිවාකල විදුලි ඉල්ලුම අඩුකර ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමයි මේ සඳහා රජයෙන් මූල්‍ය පහසුකම් සපයා දී අඩුවන විදුලි බිලෙහි සඳහන් මුදලින් කොටසක් නැවත රජයට ලැබෙන පරිදි සැකසූ විට ආයතනයටද බරක් නොමැතිව රජයටද ආයෝජිත මුදල නැවත ලබා ගැනීමේ හැකියාව ඇත.
අපෝ මොන පිස්සුද? එහෙම අර්බූදයක් වෙන්නේ නැහැ. අද වෙඬරුවේ උපාලි අස්ගිරි අනුනායක හාමුදුරුවොත් කිව්වනේ රටට සුදුසු නායකයෙක් ලැබිලා නිසා කලට වෙලාවට වැසිත් ලැබෙනවා. රටේ මිනිස්සු හරි සතුටින්, මුලු රටම දිනුම් කියලා. ඉතින් මොන අර්බුදද?
මේ අර අලුත් ආණ්ඩුවක් ආපු ගමන් ඩීල් දාන බලශක්ති සෙට් එක නේද?
හිටපු ඇමතිතුමා කියපු කතාමනෙ මේ ඇමතිතුමාත් කියන්නෙ. බලයට එන්න පොරකනකොට කියපුවා දැන් අමතකයි. හිටපු ඇමතිගෙ වැඩ ගැන කොහොමත් සෑහීමකට පත්වෙන්න බැහැ. නමුත් කවුරුහරි ලංවිම ඉන්ජිනේරුවන් රටේ අනාගතය වෙනුවෙන් හොඳ වැඩපිලිවෙලක් ඉදිරිපත් කලාම ඒකට අකුල් නොහෙලා හිටියනම් අපි කාටත් හෙට හොඳ දවසක් බලාපොරොත්තු වෙන්න තිබ්බා
තාම දෙසම්බරයනේ.., අපේ ක්‍රමයට මුහුද හත්ගව්වක් තියලා අමුඩ ගහන්නේ මෝඩයන්. මොකට දැම්ම කලබල වෙනවද? වෙලාව ආවහම අපි මොනව හරි කරමු.
දැන් ඉතින් ඔය හැමතැනම තියෙන කුණු ටික ගෙනැල්ලා එව්වා පුච්චලාවත් ඒ ශක්තියෙන් විදුලිය නිපදවන්න තමයි වෙන්නේ...
රටට නිසි නායකයෙක් ලැබිලා තියෙන්නේ. මොන විදුලියද කන්න නැතත් කමක් නෑ.