රටේම සෞඛ්‍ය ගැන බාරව ඉන්න ලොකු මහත්තයෙක් මේ දවස්වල තරමක කලකිරීමකින් ඉන්නවා කියලයි ආරංචිය.

කඳුකර පැත්තක් නියෝජනය කරන එතුමා ආණ්ඩුව වෙනුවෙන් පණ දීගෙන ඉන්න කෙනෙක් කියලත් ප්‍රසිද්ධයි.

ගිය සතියේ පැවති ආණ්ඩුවේ ලොකු අයගේ හමුවකට සහභාගී වුණු එතුමා එලියට එද්දි සගයන් පිරිසක් හමුවේ සිය දුක් ගැනවිල්ල කීවේ කලකිරීමකින් වගෙයි.

තමන්ට ලැබුණු පට්ටම නමට පමණක් සීමා වී ඇතැයි කී එතුමා වැඩ ටික ඔක්කොම දී ඇත්තේ එතුමට පහළින් සිටින කෙනාට යැයි කීවෙ ඉවසා බැරිම තැනය.

එතුමාගේ කතාව අහපු සගයන් කීප දෙනෙකුත් හිනා වෙමින් කියා ඇත්තේ "අපිත් නොකිව්වට අපටත් වෙලා තියෙන්නෙ ඕකම තමයි" කියාය

අගස්ති