(බිමල් ජයසිංහ ජයසිංහ)
ජීප් රථයේ දොර හයියෙන් වැසුවා යැයි උරණ වී ලාන්ස් කෝප්‍රල්වරයා ගේ කනට පහරදී බරපතළ තුවාල සිදු කළ රත්මලාන බොරුපන කඳවුරේ දෙවන අණදෙන නිලධාරී ලෙස කටයුතු කරන මේජර්වරයකු අත්අඩංගුවට ගත් බව පානදුර දකුණු පොලිසිය කියයි .
එම පහරදීමෙන් තුවාල ලැබුවේ (ලාන්ස් කෝප්‍රල්) රියදුරකු ලෙස කටයුතු කරන ඇල්පිටිය බටුවන්හේන පදිංචි වරුන ක්‍රිෂාන්ත නමැති 36 හැවිරිදි එක්දරු පියෙකි .
බොරුපණ කඳවුරේ සිට ජීප් රථයෙන් පානදුර මාලමුල්ල ප්‍රදේශයේ එම කඳවුරේ දෙවන අණදෙන නිලධාරි ලෙස කටයුතු කරන මේජර්වරයා ගේ නිවසට ඉකුත් මස 26 වෙනි දින රාත්‍රී ඇරල විම සඳහා පැමිණ තිබූ ලාන්ස් කෝප්‍රල් වරයා යලි කදවුර කරා පිටත්වීම සඳහා ජිප් රථයේ දොර වහනවත් සමඟම" බැහැලා වරෙන්" යැයි කෝප්‍රල් වරයාට කතාකර තිබූ මේජර් වරයා "උඹ දොර හයියෙන් වැහුවේ ඩෝන් කෙයාර් එකටද කියා අසා ඇති අතර, කෝප්‍රල් වරයා නැහැ සර් යැයි පැවසීමත් සමඟම " මේජර් වරයා දකුණතින් වැරෙන් ඔහුගේ වම් කනට දෙපාරක් පහර එල්ල කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් ඔලුව ඉදිමෙච්චි ජාතියක් මතකනේ.. පෙට්‍රල් ෂෙඩ් එකක තට්ට මේජර් කොල්ලෙක්ට සපත්තුවෙන් ගහපු හැටි... පොලිස් ඇරෙස්ට් නිසා හොඳයි. කඳවුරෙන් නම් මේවා යටගහයි.
ආමිකාරයො, පොලිස්කාරයෝ තරම් නිලතල වලින් ඔලුව උදුම්මවා ගත්තු තවත් රස්සාවක් නෑ. පහල රෑන්ක් වලට සලකන්නේ වහල්ලුන්ට වගේ... සැලියුට් නොකලයි කියලා ළඟදී පොලිස් ලොක්කෙක් පොඩ්ඩෙකුට ගහලත් තිබ්බේ. මාන්නක්කාරයෝ කවුරුත් මරණයෙන් පස්සේ නියත වශයෙන් ප්‍රේත ලෝකයේ උපදින්නේ... හයියෝ සල්ලි. කල්පෙකට සුගතියට එන්න නම් බෑ මේජර් තුමෝ...!
මේ ඔක්කෝටම තියෙන්නේ අධි මාන්නේ...!
තරු එල්ලගෙන හිටියට කතා කරන්න දන්නේ නැති අය...
නිලයෙන් ඉදිමීම නිසා හීනමානය දෝරේ ගලමින් සිටි මිනිසෙකු බලුවී ඇත. මේවගේ අය හමුදාවෙන් ඉවත්කළ යුතුයි.
ඔය.. මේජර් ..ජෙනරාල් ..ඔක්කොම මොලේ අමාරුකාරයෝ. ඔවුන් හිතන්නේ මේ සිවිල් සමාජයේ පාලනයත් ඔවුන්ටමයි කියලා. අපේ සමහර අයට ඕකුන් මහා ඉහළයි. ඕකුන් යුද්දෙට ගියේ රට වෙනුවෙන් නොවෙයි, රස්සාවක් නැති නිසා බව හිතාගන්න බැරි බයියෝ ඔවුන්ව දෙවියන්ට වගේ තවමත් සලකනවා. යුද්දේ ඉවරයි. යුද්ද කළාට පඩි ගෙව්වා. දැන් ඕකුන්ව බල්ලෝ වගේ ආයෙත් කූඩුවලට දමලයි තියෙන්නේ... දැන් පෙනෙනවානේ ඔය මේජරයා කන පලලා තියෙන්නෙත් හමුදාවේම ඩ්‍රයිවර් කෙනෙකුගේ. මට මේ වගේ දෙයක්වුනොත්, කීයක් හරි වියදම්කරලා පාතාලයෙක්ව අල්ලගෙන ඔය මේජරයාගේ අත්දෙකම වැලමිට ළඟින් කපලා දමනවා. නැතිනම් එයාගේ කන් දෙකම කපලා ඒවා එයාටම කවනවා.
ඔය ගතිය අතීතයේ ඉඳලාම හමුදා සේවයේ සහ පොලිස් සේවයේ තිබෙන ජරා වැඩක්. ලොක්කන් හිතන්නේ සොක්කන් ඔවුන්ගේ කකුල් ලෙවකන්න ඉන්නේ කියලා. ඔය ගොඩේ ඉන්නවා ලංකාවේ ඉන්න එකම හමුදා වෙල්විදානේ තුමා. හමුදාවේ කරණවෑමියෙක් තමුන්ගේ කොණ්ඩය කපද්දී වෙච්චි සුළු අත්වැරැද්දක් නිසා එතැනදීම ඒ අහිංසකයාගේ කන් පෙත්තක් කතුර අරන් කපලා දාලා. ඒ කතාව ඇත්ත බව හමුදාවේ දැනුත් ඉන්න ඔහුගේ ගෝල බාලයින් පිළිගත්තා. ඒ මිනිහා කනක් අහිමිවෙලා හිටියා. ලොක්කා උඩටම ගිහින් උඩට යන්න අතදුන් හැම කෙනාගේම අත් හපා කාලා බලෙන්ම වෙල් විදානේ කමකුත් අරන් අද 225න් කෙනෙක් වෙලා ඉන්නවා. අන්න ඒ කරපු අපරාදෙටත් නිසි දඬුවමක් ලැබිය යුතුයි කියලා මට හිතෙනවා...!
මොවුන් නිලයෙන් ඔලුව ඉදිමිච්ච අය...
ත්‍රිිවිධ හමුදාව සහ පොලීසිය ප්‍රමුඛව අපේ රටේ මුල් බැසගත් නිලධාරී වාදයට හොඳ කනේ පහරක්... නීතියෙන් වදීවි යැයි විශ්වාස කළ නොහැකිය.. මොකද නිලධාරී වාදයත් නීතියත් දෙකම සුද්දගේ නිසා...!
ත්‍රිවිධ හමුදාවේම ඉහළ නිලධාරීන් ඔහොම තමයි. බහුතරයක් කොල්ලෝ හමුදාව දාලා යන්න ප්‍රධානම හේතුවක් තමයි ඉහළ නිලධාරීන්ගේ හැසිරීම. මෙයාලාට දීලා තිබෙන අසීමිත වරප්‍රසාද අඩු නොකර මේ රට හදන්නත් අමාරුයි...!
මෙතැනත් අසාධාරණේ පොඩි මිනිහාටනේ... ගුටි කාපු කෙනාගේ නම, ගම, වයස ඔක්කොම දාලා... ගහපු කෙනා කවුද? මොකක්ද මේ රට? මෙව්වා හදන්න කියලා තමයි නව පරපුර කියන්නේ...
අර වීරසේකර කියන කෙනා කියනවා නේද හමුදාවේ හොඳට විනය තියනවා කියලා ඔය තියෙන්නේ විනය...!
ඕකට කියන්නේ රථ ගාය කියලා. හමුදාවේ සහ පොලිසියේ විතරක් නොවේ සමහර රාජ්‍ය ආයතනවල අයටත් ඔය ලෙඩේ තියෙනවා...!