IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ලුනාව රෝහල ගැන බලන්න අධිකරණ ඇමති හදිසි නිරීක්ෂණයක

(අංජුල මහික වීරරත්න)

මොරටුව ලුනාව ප්‍රාදේශිය රෝහලේ පවතින අඩුපාඩු සොයා බලා විසැඳුම් ලබාදීමේ නිරීක්ෂණ චාරිකාවක අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අද ( 29) පෙරවරුවේ නිරත විය.

රෝහල් ප්‍රමාණවත් වෛද්‍යවරුන් නොසිටීම හේතුවෙන් දෛනිකව බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් තුන් සීයයක් පමණ දැඩි පීඩාවට පත්වන බැවින් කඩිනමින් වෛද්‍යවරුන් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍යවරයාගේ අවධානයට යොමු විය.

රෝහලේ මෘත ශරීරාගාරය යථා තත්වයට පත් කිරීම, වාට්ටු සංකීර්ණය සඳහා වැඩ ආරම්භ කර ඉදි කිරීම් නවතා දමා ඇති ගොඩනැගිලි සංකීර්ණයේ කටයුතු නැවත ආරම්භ කිරීම, කාර්ය මණ්ඩල අවශ්‍යතා සහ සහ රෝහලේ අනෙකුත් පහසුකම් සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අවධානයට ලක් කළේය.

වෛද්‍යවරුන් නව දෙනෙකු රෝහල සඳහා අනුමත වුවද මේ වන විට සේවය කරනු ලබන්නේ වෛද්‍යවරුන් සිව් දෙනෙකු පමණයි. මහල් පහකින් යුත් නව වාට්ටු සංකීර්ණයක් ඉදි කිරීම සඳහා මුල්ගල තැබීමේ කටයුතු 2018 සිදුව ඇතත් මේ වන විට එහි ඉදි කිරීම් නතරව තිබේ. ඒ සඳහා රුපියල් ලක්ෂ 1100 ක් වැය කර ඇති බවට මෙහිදී අනාවරණය විය.



අදහස් (1)

ලුනාව රෝහල ගැන බලන්න අධිකරණ ඇමති හදිසි නිරීක්ෂණයක

Sugathapala Tuesday, 29 July 2025 01:35 PM

නොදන්නාකමට අහන්නේ ඇත්තටම රෝහල් අයත්වෙන්නේ අධිකරණ අමාත්‍යාංශයට ද කියල පැහැදිලි කරලා දෙන්න

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 293 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2121 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1613 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site