IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලන්ඩනයේ සැප පාරවල්වල ගිහින් කෝටි 261ක් පොලු තියලා

(විමුක්ති එස් රුද්‍රිගු)

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වසර 19 ක කාලයක් ලන්ඩනයේ මාර්ග තදබදය අවම කිරීම සඳහා හඳුන්වා දී ඇති මාර්ග භාවිත කර ඇතත් එම කාලය සඳහා ගෙවිය යුතු ස්ටර්ලිං පවුම් 652120 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 261 ක් පමණ) ක මුදල ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මෙතෙක් ගෙවා නොමැති බව අමාත්‍ය ඩේවිඩ් රට්ලි මහතා එම ගෙවීම් සම්බන්ධව එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලැයිස්තුවේ දැක්වේ.

එම මාර්ග ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඇතුළුව විදෙස් තානාපති, මහ කොමසාරිස් කාර්යාල සහ ජාත්‍යන්තර සංවිධාන විශාල සංඛ්‍යාවක් භාවිතයට ගත්තත් ඒ සඳහා ගෙවිය යුතු ස්ටර්ලිං පවුම් 15 ක දෛනික ගාස්තුව මෙතෙක් ගෙවා නොමැති බව රට්ලි මහතා පෙන්වා දී තිබේ.

ලන්ඩනයේ මාර්ග තදබදය අවම කිරීම සඳහා 2003 වසරේ පෙබරවාරි මාසයේදී මෙම ගෙවීම් ක්‍රමය හඳුන්වා දෙන ලද අතර පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වන විට තානාපති සහ මහ කොමසාරිස් කාර්යාල ගෙවිය යුතු සම්පූර්ණ මුදල ස්ටර්ලිං පවුම් මිලියන 145 ඉක්මවන බව රුට්ලි මහතා ප්‍රකාශ කර ඇත.

මෙම ලැයිස්තුවේ ඉදිරියෙන්ම ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය සිටින අතර එම කාර්යාලය ගෙවිය යුතු මුළු මුදල ස්ටර්ලිං පවුම් 14643495 කි.විදෙස් තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල සහ ජාත්‍යන්තර සංවිධාන එම ගාස්තුව ගෙවිය යුතු නැතැයි පැවසීමට නීතිමය රාමුවක් නොමැති බවත් සියලුම රාජ්‍ය තාන්ත්‍රිකයන් එක්සත් රාජධානි නීතියට ගරු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් රට්ලි මහතා ප්‍රකාශ කර ඇත.

 



අදහස් (2)

ලන්ඩනයේ සැප පාරවල්වල ගිහින් කෝටි 261ක් පොලු තියලා

namal Sunday, 17 September 2023 10:09 AM

වංචා, දූෂණ සහ පොලු තියන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ලංකාවේ අයගෙන්...

:       4       18

BandarA Sunday, 17 September 2023 10:35 AM

බ්‍රිතාන්‍ය කොමසාරිස් කාර්යාලයේ සේවය අන්තිම දුර්වලයි.

:       2       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site