(ටී.කේ.ජී.කපිල )
එංගලන්තයේ ලන්ඩන් නුවර සිට එහි අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 194 දෙනෙකු රැගෙන , දෙවන ග්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය අද(06 ) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරණ එම විශේෂ ගුවන් යානය අද(06) දින අලුයම 3.05 ට ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් යානයෙන් පැමිණීම සදහා ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ අතරමං වී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද ලන්ඩන් වෙත පැමිණ සිටියහ .
මෙම ගුවන් මගීන් ව්‍යාපාරික පංතියේ 18 දෙනෙකු ද , පිරිමැසුම්දායක පංතියේ 176 දෙනෙකු ද වශයෙන් ගුවන් යානය තුළ අසුන් ගෙන සිටියහ .
මෙම සිසුන් සියලු දෙනා දුරස්ථභාවය රැකෙන පරිදි මෙම ගුවන් යානය තුළ අසුන් ගන්වා තිබූ අතර , ඔවුන් ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි වෙත පිවිසීමට පෙර විශබීජ හරණය කිරීමකට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ලක් කෙරුණි .
පසුව ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සූදානම් කර තිබූ බස් රථ වලින් මෙම සිසුන් නීරෝධායන කටයුතු සදහා රැගෙන යනු ලැබීය .




COMMENTS
ලන්ඩන් ගිය සිසුන් විතරයිද ? එතකොට අර මැදපෙරදිග ගිය ගමේ කුසුම්ලා පොල් කුඩුද? ඒ අය ගෘහස්ථ සෙවකයන් නිසාද?
මේ අය මාර සිසුන් නේ?
ලන්ඩන් වල වුවත් මැදපෙරදිගින් වුවත් එක විදිහට සලකන්න. කොටසකට පමණක් විශේෂ වරප්‍රසාද දෙන්න එපා.
ලන්ඩන් ගිය සිසුන් විතරයිද ? එතකොට මැදපෙරදිග ගිය අය.
සිසුන් නිකම් ගෙන්නුවේ නැහැ, ගාස්තු ගෙවලයි මව්පියන් ගෙන්නුවේ.
69 ගොඩක් සනිපයි, රට ඉදන් ඇවිත් දුන්නේ ඡන්දේ...
චන්දන, අපිත් සල්ලි ගෙවල තමා එන්ඩ ඉල්ලන්නේ
මේ අර ජී.එම්.ඕ එකේ දොස්තර ළමයි ද?
Chandana මහත්මයා... දෙමව්පියො ගෙවපුවගෙ රිසිට් දැක්කද? අනිත් රටවල ඉන්න මිනිස්සු පිනට ලංකාවට ගෙන්න ගන්න කියල නෑ. කියන්නෙත් නෑ. සල්ලි ගෙවල එන්න අවසර ඉල්ලන්නෙ... ඒත් තාමත් අවසර නෑ. සමහර රටවලින් එන කාගෝ ෆ්ලයිට් වල ලොකු ලොක්කන්ගෙ අය තුන් හතර දෙනත් ගෙන්න ගන්නවා. කැමති පක්ෂෙකට කතිරෙ ගැහුවට කමක් නෑ... වහල්ලු වෙලා කුණු හෝදන්න එපා.. ගෙන්න ගත්ත අය කවුද කියල ලිස්ට් එකක් ගත්ත නම් බලන්න පුලුවන්. citrus එකේ නැවතිල ඉන්නෙ මොනව ඉගෙන ගන්න ගිය උන්ද කියලත් හොයල බලන්න. ඉන්දියාවෙන්, පකිස්තානෙන් ගෙන්න ගත්ත අයගෙත් වැඩිම අය හමුදා පාඨමාලාවන්ට ගිය අය...
මේ පාර රට භාරගන්න ඉන්න වැදගත් දෙම්වව්පියන්ගේ දරුවෝ නැහැ වගේ.
චන්දන, දවස් 4 කට කලින් ලන්ඩන්වල ඉඳලා ආව දේශපාලුවෙකුගේ දුවෙක් කියන එකියක් එයාර් පොර්ට් එකේදී යකා නැටුවා. එයාට සිංහල බැහැයිලු.. ලන්ඩන් ගිහින් අවුරුදු 2යි. සාමාන්‍ය මිනිස්සු එක්ක නිරෝධායනය කරන්න එපාලු. මම නම් කිවේ තාත්තා මොන " හිඟන්නෙක් " වුනත් ප්‍රශ්නයක් නැහැ ආපහු ප්ලේන් එකට නගින්න කියලා ලන්ඩන් යන්න..ඔය කවුරුත් ආවේ මුදල් ගෙවලා තමයි..නිකම් කාවවත් ගෙන්නා ගත්තේ නැහැ. ඔය ලන්ඩන් වල ආපු ගොඩක් අයගේ තාත්තලා හොරු...!!! ඒ අයට මහජනයාගෙන් කොල්ලකාපු සල්ලි තියෙනවා. හැබැයි.. මෙහෙදී කෑ ගහන්න ගියොත් මිනිස්සුන්ගෙන් කනවා... ෂුවර්.
පෙරේදා එංගලන්තයේ ඉඳලා ගෙනාපු ගඳ ගහන කළු සුද්දෝ වගේ නරුමයෝ ටිකක්ද දන්නේ නැහැ. මාර වැඩේ මෙහෙ හොඳට උසස් පෙල සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයටත් ලියලා ගිය අවුරුද්දේ ලන්ඩන් ගිය හාදයෙක්ට සිංහල බැහැයිලු..
පිටරටවල වෙසෙන, හිඟන දේශප්‍රේමීන්ට වඩා, ප්‍රභූ පවුල්වල දරුවන් මේ රටටත් ලෝකෙටත් වටිනවා. තම්බින්ගෙන් හා සුද්දන්ගෙන්ම බඩ කට පුරෝගෙන බොක්ක පදම් උනාම, තමන් පිටරටකට පැනගත්තේ හිඟන කමටයි කියන එක අමතක වෙලා සිටි මානසික අඳබාලයින්ට අපුරු පාඩමක්. ප්‍රභූ දරුවෝ චන්දෙ දාන්න අතින් වියදම් කරගෙන ලංකාවට එන්නේ නැහැ කවදාවත්, ඔවුන් දන්නවා දුක් විඳලා හම්බ කරන තුට්ටු දෙක වියදම් කරගෙන පාලකයින්ට ආවඩන මීහරක් රැලක් සිටින බව. එංගලන්තයේ සිට පැමිණි ඒ පින්වත් දරුවන්ට නිදුක් නිරෝගී සුවය අත්වේවා!! පුහු දේශමානයෙන් පිම්බිලා සිටින දේශප්‍රේමී හිඟන රල ඒ රටටම වෙලා සිටපල්ලා අපේ රටේ පාලකයින්ට පව් නොදී!
අපි හරි පුදුමාකාර ජාතියකි. තමන්ගේ ගෙදර ලයිට් ගියාම ඉක්මනින්ම බලන්නේ අල්ලපු ගෙවල් වල ලයිට් තියනවද කියලා. ඔවුන්ටත් ලයිට් නැත්නම් තමයි හිතට සැනසීමක් ලැබෙන්නේ. මමත් ඉන්නේ විදේශයක හිරවෙලා. මමත් බලන් ඉන්නේ ලංකාවට එන්න. නමුත් තවමත් ක්‍රමයක් නෑ. ඒ අතර වෙන වෙන රටවල සිටින අය ලංකාවට ගෙන්වනවා. මම සතුටු වෙනවා අසරණ වී ඉන්න කවුරු කවුරු හරි කමක් නෑ මව් බිමට එනවනේ කියලා. කවදා හරි අපිටත් වාරයක් ඒවිනේ කියලා බලාගෙන ඉන්නවා. මම විශ්වාස කරන ආකාරයට සියල්ලම සිදු වන්නේ අපි කරන ලද කුසලයට අනුවයි. කනගාටුවට කාරණය නම් ඒ ගෙන්වාගන්නා සමහර අය මව් බිමට පැමිණියාම හැසිරෙන පිළිකුල් සහගත ආකාරය.
එක්සත් රාජධානියේ වීසා එකක් දැන් ශ්‍රී ලන්කන් මිනිසුන්ට දෙන්න යන්නේ. කැමති කට්ටිය ඉන්නවනම් කියන්න. ලංකාවට ආපු කට්ටිය ගොඩක්ම දොස්තර සහ ඉගෙන ගන්න කට්ටිය තමයි ආවේ. පදිංචි වෙලා ඉන්න, ස්ථීර පදිංචි කට්ටිය ආවේ නැහැ. ගමන් ගාස්තුව 100% වැඩිපුර ගෙවපු කට්ටිය තමා ආවේ. දන්නේ නැති උනාට මද පෙරදිග කට්ටියත් ගුවන් යානා එවන්න ප්ලෑන් කරලා තියෙන්නේ. එක්සත් රාජධානියේ වීසා එකක් දැන් ශ්‍රී ලන්කන් මිනිසුන්ට දෙන්න යන්නේ. කැමති කට්ටිය ඉන්නවනම් කියන්න.