පස්වරු 6.30
(සනත් ගමගේ)
ලුණුගම්වෙහෙරේදී සිදු වූ බස් රථ අනතුරින් තුවාල ලබා සිටි එක් කාන්තාවක් හම්බන්තොට මහ රෝහලේදී මිය ගිය බව හම්බන්තොට පොලිසිය කියයි.
තේනගම අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි කරුණාවති රණවක යන අය මෙලෙස මිය ගොස් ඇත.
අනතුරින් තුවාල ලැබූ තුවාලකරුවන් 24 දෙනෙකු හම්බන්තොට මහ රෝහලේ ද , 13 දෙනෙකු දෙබරවැව සහ තවත් 3 දෙනෙකු ලුණුගම්වෙහෙර යන රෝහල්වල ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
(රුක්මන් රත්නායක)
ගාල්ල සිට දෙහිඅත්තකණ්ඩිය දක්වා ධාවන වූ ලංගම බසයක් සහ අම්පාර සිට මාතර දක්වා ගමන්ගත් පෞද්ගලික බසයක් ලුණුගම්වෙහෙර නගරාසන්නයේ දී මුහුණට මුහුණ ගැටීමෙන් මගීන් 80 කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි ලුණුගම්වෙහෙර පොලිසිය පවසයි.
තුවාලකරුවන් ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතල තත්ත්වයේ පසුවු තුවාලකරුවන් දෙබරවැව සහ හම්බන්තොට රෝහල්වලට ඇතුළත් කර ඇත.
තුවාලකරුවන්ගෙන් පස් දෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි. තුවාලකරුවන් වැඩි දෙනකුගේ මුහුණ, හිස හා කොන්ද ප්‍රදේශවලට හානි සිදුව ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීය. අද (12) දහවල් මෙම අනතුර සිදුවී ඇති අතර සාමාන්‍ය තත්ත්වයේ පසුවන තුවාලකරුවන් ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇතැයි පොලීසිය පවසයි.



(36698)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රයිවට් බස් කාරයාගේ වැරැද්ද...
මේ ලොකු බස් එලවන අය හිතාගෙන ඉන්නේ අනිත් වාහන ඔක්කොම එයාලට ඉඩදීලා පාරෙන් අයින් වෙන්න ඕනෑ කියලා. එයාලා යන වේගයට හදිසියේ බ්රේක් ගහන්න බැහැ. එක ජාතියේ දෙකක් මුණගැහුනාම ලෙඩේ. හුඟක් බස් රියදුරන් හා ත්‍රිරෝද රියැදුරන් ඔක්කොම වගේ පාර තමන්ට අයිතියි කියලා හිතාගෙන යන්නේ.... පොදුවේ ලංකාවේ හැමෝම අත්මාර්ථකාමියි. රිය අනතුරු හා මාර්ග තදබදයට හේතුව ඒකයි...
ලංකාවේ බස්රථ රියැදුරන්ගේ අපරික්ෂාව නිසා බොහෝ අනතුරු සිදුවේ. ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන බස්රථවලට "බස් බොඩි තබන ලද ලොරිරථ" කිව්වොත් එය වඩා නිවැරදියි. මේ රථ තුළ ඇති ඝෝෂාව මදිවට අලි පන්නන්නට යොදන කන් බිහිරි කරවන නලා ඇතිකරවන්නේ පුදුම මානසික පීඩනයක්... තොරතෝංචියක් නැති බාල තත්වයේ ගොරහැඩි ගීත නිසාත්, රියදුරා සිටිනුයේ හොඳ මානසික තත්වයෙන් නොවේ. මනස අවුල්වූ ඔහුගේ අරමුණ වනුයේ ඉස්සරහ ඇති කෑලිටික (මගීන්) කාටවත් නොදී පටවා ගැනීමයි. මෙවන් රියැදුරන් සිටින රටක අනතුරු සිදුවීම පුදුමයක් නොවේ. මේවායේ යන අසරණ අපට දෙවියන්ගේම පිහිටයි.
ලංගම හෝ පුද්ගලික බස් කාරයින් පාරේ යන්නේ හරියට පාර ඒ අයගේ වගේ යන්නේ. අපේ වගේ පොඩි වාහන ඒ අය ගණන් ගන්නේ නැහැ. ඊයේ රෑ මගේ මූණටම ලංගම බස් කාරයෙක් කැපුවා. හරි අමාරුවෙන් බේරුණේ..
රටක ප්‍රවාහනය වැනි සේවාවන් (ආරක්ෂාව, සෞඛ්‍ය, අධ්‍යාපනය ද ඇතුලත්) කිසි දිනෙක තරගකාරී ව්‍යාපාර නොවිය යුතුය. එවිට සිදු වන්නේ තරගකාරී වටපිටාවක් තුල ලාභය සදහා තරග වැදීමක් මිස "සේවාවක්" සැපයීමක් නොවෙයි. මෙවැනි සේවාවන් රටක මූලික කොදු නාරටිය වැනිය. මෙය කිසි දිනෙක තරගකාරීව සිදු නොවිය යුතුය. බොහෝ දියුණු රටවල ඇත්තේ සමාගම් කීපයකි. (පුද්ගලික / රාජ්‍ය / අර්ධ රාජ්‍ය ) එහි සේවකයින්ට ලැබෙන්නේ ස්ථීර වැටුපකි. (කොමිස් නොව) සමාගම් ඇත්තේ කීපයක් (එක ප්‍රදේශයක් තුල උපරිම 3) නිසා සමාගම් වලටද සැලකිය යුතු ලාභයක් ලැබේ. එම නිසා ඔවුන්ට විශාල ලෙස ප්‍රවාහන ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට හැක. (උදා. අද ලංකාවේ දුරකථන සන්නිවේදන ආයතන දෙස බලන්න) යම් කිසි අකටයුත්තක් සිදු වේ නම් රජයට වුවද නියාමනය කිරීම පහසුය. (එක් එක් බස් අයිති කරුවන් පසු පස හබා යාමට අවශ්‍ය නැත). එසේ නොමැතිව පොලේ පලා විකුණන ගානට රටක ප්‍රවාහනය වැනි සේවාවන් පවත්වා ගෙන යාමෙන් එහි සේවාවෙහි ගුණාත්මක භාවයක් ගැන සිතීම ප්‍රයෝගිකව අපහසුය.
එක කාලකණ්ණියෙක් නිසා ජීවිතයෙන් වන්දි ගෙවන්නේ කව්ද?
එක කාලකන්ණියෙක් නිසා ජීවිතයෙන් වන්දි ගෙවන්නේ කව්ද?
එක කාලකණ්ණියෙක් නිසා ජීවිතයෙන් වන්දි ගෙවන්නේ කව්ද?
බස් ගැමුණු හා බස් සංගම්වල අය මේ වගේ වගකීම ගන්න ඕනේ...
අපේ රටේ තරගය හා කලබලය ඇති කලේ බස් රථ සහ ත්‍රීරෝද රථ ටිපර් ධාවනය කරන නූගත් රියදුරු පිරිස නිසා නොවේද? ශබ්ද දුෂණය, වායු දුෂණය වැඩියෙන් කරන්නේද මේ හරක් ටිකම නොවේද ?