(චන්ද්‍රසේන ගමගේ)
පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් ලුණුගම්වෙහෙර ජලාශය ජලය අක්කර අඩි එක්ලක්ෂ අසූ දෙදහසක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව ආරක්ෂිත පියවරක් වශයෙන් ජලාශය වාන් දොරටු 6 ක් විවෘත කළ බව තිස්සමහාරාම ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු ඩබ්ලිව් .ඒ.අමිල ශිරන්ත මහතා පවසයි.
වාන් දොරටු හයක් අඩිය බැගින් ද දොරටු දෙකක් අඟල් 6 බැගින් ද විවෘත කර ඇති බවත් ඒ මගින් ජලය තත්පරයකට ඝන අඩි 5000 ක් කිරිඳි ගඟට මුදා හරින බව වාරිමාර්ග ඉංජිනේරුවරයා කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා දකිද්දී රට වටේ යන්න හිතෙනවා.
ගේට්ටුවල මලකඩ බැඳීගෙන එනවා. ලබන වසරේදී තීන්ත ගෑවා නම් හොඳයි.