(අංජුල මහික වීරරත්න)

ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් වෙත වෑල්ව රහිත හිස් එල්. පී. ජී. සිලින්ඩර සැපයීමේ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් 2025-2027 කාල සීමාව සඳහා වෑල්ව රහිත හිස් එල්.පී.ජී. සිලින්ඩර වර්ග 4 ක් මිල දී ගැනීම පිණිස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 6 ක් ඉදිරිපත් වී තිබේ. එම ලංසු ඇගයීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය මත පදනම්ව ලිට්‍රෝ ගෑස් සමාගම වෙත කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩර 120,000ක්, කිලෝග්‍රෑම් 5 සිලින්ඩර 185,000ක්, කිලෝග්‍රැම් 12.5 සිලින්ඩර 450,000 ක් සහ කිලෝග්‍රෑම් 37.5 සිලින්ඩර 7,000ක් සැපයීමේ ප්‍රසම්පාදනය සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Sahanitr Metal Pressure Containers Public Co. Ltd වන පිරිනැමීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන්  ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.