මෙම මාසය තුළ ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොවන බව එම සමාගමේ ප්‍රකාශකයකු පැවසීය.
ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වය අනුව ගෑස් මිලෙහි වැඩිවීමක් අවශ්‍ය වුවද රට තුළ පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම අවස්ථාවේ මිල සංශෝධනයක් සිදුනොකරන බව ඔහු සඳහන් කළේය.
ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690ක් වන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 1,482කි.
කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රු. 694ක් ලෙස පවතී

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.