(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් කිලෝ 12.5 ගෘහස්ථ සිලින්ඩරයක මිල රුපියල් 835 කින් ඉහළ දැමීමට එම සමාගම අවසර ඉල්ලා ඇතැයි වාර්තා වේ.
ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම සහ ඩොලරයේ අගය ඉහළ යාම නිසා එම සමාගම තවදුරටත් පාඩු ලබන නිසා මෙම මිල වැඩි කිරීම ඉල්ලා ඇතැයි ද එම සමාගමේ නිලධාරියෙක් සඳහන් කළේය.
ලිට්‍රෝ ගෑස් කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මේ වන විට රුපියල් 2,675 කට අළෙවි කරන අතර ලිට්‍රෝ ගෑස් සමාගමේ ඉල්ලීමට අනුව රුපියල් 835 කින් මිල වැඩි කළහොත් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3510 ක් බවට පත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම පාඩු ලබමින් ඇයි තෙල් සංස්ථාවේ සේවක අතිරික්තයක් තියාගෙන තව බෝනසුත් දෙන්නේ..?
මේ වලපයයි, ගොඩපයයි තියන් ඉන්න ලොක්කන්ට දැන් මේ රට පාලනය කරන්න බෑ. උගත් තරුණයින්ට දීලා දැන් පිනක්, දහමක් කරගන්න. කියපු බොරුවලටවත් පව් කමාවෙන්න.