
(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් මිල මෙම මාසයේ (පෙබරවාරි) සංශෝධනය නොකරන බවත් ඒ අනුව ජනවාරි මස මිල මෙම මස තුළ ද පවතින බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා පවසයි.
පෙබරවාරි මාසයේ පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බවත් ඒ අනුව ලිට්‍රෝ ගෘහ්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක් රුපියල් 3,690 කට, කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 1,482 කට සහ කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක් රුපියල් 694 කට තව දුරටත් අළෙවි කරන බවත් චන්න ගුණවර්ධන මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
)විදුලිය කප්පාදුවක් නොවේ විදුලිය කලමනාකරනය. 2)මේක පෙබරවාරි මාසයේ ජනතාවට සහන සලසන්න ඕන නිසා මිල.සංශෝධනය කරන් නෑලූ...සංතෝසේ ඉන්න බැරුවා
ඒ වුණාට ලෝක වෙළඳ පොලේ මිල බැහැලානේ
NPP එකත් වැඩි කල් දුවන එකක් නැහැ... වගේ මෙහෙම ගියොත්, කෝ ගෑස්වලට ගහපු කොමිස් එක කෝ...? අපි ඡන්දය දුන්නේ NPP කට බඩුමිල අඩු කරන්න කියලා. වැඩක් නැහැ... මෙයාලත් ඒ වගේ තමයි.