(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 271 කින් අඩු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (5) පෙරවරුවේ පැවසීය.
මෙම මිල පහත දැමීමත් සමග කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 107 කින් ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 48 කින් ද, අඩු කළ බවත් නව මිල අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් මුදිත පිරිස් මහතා කීය.
මෙම නව මිල සංශෝධනය සමග රුපියල් 4,551 ක් පැවති කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4280 ක් දක්වා පහත වැටුණි.
රුපියල් 1,827 ක්ව පැවැති කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1720 ක් දක්වා ද, රුපියල් 848 ක්ව පැවැති කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 800 ක් දක්වා ද, මිල පහත දමා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමු දැන් කෑම කළුකඩකාරයින් බත් පැකට් එක කීයකින් අඩු කරයිද කියලා...?
රුපියල් 1500ට තිබුණු ගෑස් සිලින්ඩරයක් රුපියල් 4500 කරලා, දැන් රුපියල් 300ක් පමණ මිල අඩු කළාම ජනතාවට ලැබෙන සෙත කවරේද? ගොන් කතා.
12.5/5/2.3 කිලෝ 1ක් අඩුකරලා තියෙන්නේ යාන්තම් රුපියල් 20ක් ලාවට ස්පර්ශ වෙන්න. අර අනුන්ට අතපාන අහිංසක අසරණයෝත් රුපියල් 20 ක් දුන්නාම ගන්දෝ/ නොගන්දෝ ගානට ප්‍රතිචාරය. සභාපති ලොකු උන්නැහේ... අපිවත් ඒ කුලකයට දාන්නේ ඔහේ මන්ද මානසිකයෙක්ද?