
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ධුරයට සුදුස්සකු තෝරා ගැනීමට නියමිත අතර, ඒ සදහා පෙරහුරුවක් ලෙස, රහස් ඡන්දයක් පැවැත්විණි.
ඒ සදහා අපේක්ෂකයන් 8 දෙනකු ඉදිරිපත් වුණු අතර, වැඩි ඡන්ද සංඛ්‍යාවක් දිනා ගනිමින් එම අටදෙනාගෙන් ඉදිරියට පැමිණියේ ගයානා රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ තානාපති කැරොලින් රොඩ්රිගුස් බර්කට්ය.
මේ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා ලෙස එම ධුරයේ කටයුතු කරන්නේ, ඇන්තෝනියෝ ගුටරේස් ය.
ගුටරේස් ජගත් මහ ලේකම් ධුරයට පත්වූයේ 2017 දීය. ඔහු පිට පිට ධුර කාල දෙකක් හොබවා ඇත. ජගත් මහ ලේකම් වරයාගේ එක් ධුර කාලයක් වසර 5 කි. 77 හැවිරිදි, ගුටරේට්ස්ගේ දෙවැනි ධුර කාලය එළැඹෙන දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වේ.
ජගත් මහ ලේකම්වරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් නිල සීමාවක් නැත. එසේ වුවත්, මෙතෙක් කිසිදු මහ ලේකම්වරයකු වාර දෙකකට වඩා සේවය කර නොමැත. ගුටරේස් පවසා ඇත්තේ තමන් දිගටම ජගත් මහ ලේකම් ධුරයේ රැදී නොසිටිනු බවය. ඒ අනුව, නව මහ ලේකම්වරයකු තෝරා ගැනීම ඉදිරියේ දී සිදුවනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd