(යොහාන් භාසුර සහ විමුක්ති රුද්‍රිගු)
මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ වන ආයතන හතක රජය සතු කොටස් විකිණීමට තීරණය කර ඇතැයි එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව, කැන්විල් හෝල්ඩ්න්ග්ස් සමාගම (කොළඹ ග්‍රැන්ට් හයට්, හොටෙල් සංවර්ධන ලංකා සමාගම, ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සහ ලංකා හොස්පිටල් සංස්ථාව යන ආයතනවල රජය සතු කොටස් විකිණීමට තීරණය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසූගණන්වල පේෂකර්ම දෙපාර්තමේන්තුව සතුව බලවේග පෙහෙකම්හල් රට තුල තිබුනා එයින් තුනක් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ කුරුවිට හා අටකලංපන්නේ කවුඩුවාවේ තිබුනා ඒවා එහෙමම පවත්වා ගැනීමට පුද්ගලික ආයතනයකට බද්දට දුන්නා එකක් ගත්තු අයත් නැවත විකුණා අලුතින් ගත්ත කෙනා කාමර සාදා කුලියට දීලා විශාල වශයෙන් මුදල් උපයනවා ඔය ආයතන ටිකත් එහෙම වේද කියලා හිතෙනවා එනිසා කොටස් විකුණනවා නම් දැඩි කොන්දේසි ඇතුව පමණක් ඒවායේ අයටත් කොටස් ප්‍රමාණයක් වෙන්කර විකුණනවා නම් හොදයි කියලා හිතෙනවා
ආණ්ඩුව බිස්නස් නෙකෙල යුතුය කියන එක ඉස්සරහ දාගෙන රාජ්‍ය ආදායම් ලැබිය හැකි ආයතන සියල්ලම කොමිස් ගහමන් විකුණලා දානව. අහිංසක මිනිසුන් ට අධික බදු පනවල ආදායම් හොයනව. මුංට හෙන නොගහ තියේවි ද.
ඊයා මට නම් එපා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම එව්ව.
දියවන්නාවේ මහලු මඩම කොටස් කර විකුනන්නේ කවදාද? එයට අරක් ගත් දීර්ඝකාලීන භූතයින් පන්නා දැමුවානම් / උන්ම අනුමත කරගත් අධික වරප්‍රසාද කපා දාන්නේ කවදාද? එය බහුතරයක් ශ්‍රී ලාංකිකයන්ගේ පැතුමක් වනු ඇත...
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්න සංවර්ධන සහකාරලා ටික විකුනන්න බැරි වෙයි ද.
ග්‍රේට් රනිල්...ඊළඟට අම්මවයි තාත්තවයි..
රාජ්‍ය සමාගම් හා සංස්ථා විකුණා දැමීම ගැන එතරම් ප්‍රසාදයක් අප තුළ නැහැ.ඒත්,මේවායේ ඉහළ පරිපාලන තනතුරු දරන්නේ දේශපාලනඥයන් ගේ සමීපම අය.ඒ වගේම,ඒ ඒ රජයන් වෙත කඩේ ගිය හිතවත් බොහෝ අයත් මේවායේ සේවය කරනවා.ඒ මදිවට යුතුකම් ගැන නොබලන, අයිතිවාසිකම් ගැන පමණක් බලන, වූර්තීය සමිති කාරයන් මේ ආයතන වලට අරක්ගෙන සිටිනවා.මේවා නිසා අදාළ ආයතන විකුණා දැමීම වරදක් බව නොපෙනේ. සේවක අයිතිවාසිකම් ගැන ගැටළු තිබුණත්,රජය හා සම්බන්ධ වී තිබෙනවාට වඩා විකුණා දැමූ පසු කම්මැලි නොවී වැඩකරන්නට වෙනවා.දුම්රිය සේවය,සීටීබී එක, විදුලිය බල මණ්ඩලය,ජලසම්පාදන ඇතුළු බොහෝ රාජ්‍ය ආයතන කාර්යක්ෂමතාව අඩු ආයතන.මේවා ගැන සොයා බැලීමට උනන්දු විය යුතුයි.රාජ්‍ය ආයතන රටේ ජනතාවට බරක් නොවී පැවතිය යුතුයි.එසේ නැතිව,සේවකයන්ගේ හා වුර්තීය සමිති පැත්තෙන් පමණක් බලා තීරණ නොගත යුතුය.කුමන රාජ්‍ය ආයතන හෝ රටේ මුදල් ගිලින සුදු අලින් වේනම් හෝ අකාර්යක්ෂම නම්,ඒ පිළිබඳව නිසි තීන්දු තීරණ ගත යුතුය. සිදුවිය යුත්තේ එයයි.
මුලින්ම පාර්ලිමේන්තුව විකුණල මන්ත්‍රීල ඒ කොම්පැනියනේ පත් කරා නම් මේක ගොඩදාතහැකි