





ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් මිල දී ගත් සුඛෝපභෝගී බස් රථ 09 ක් ඩිපෝ අතර බෙදාදීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේදී අද (27) සිදුකෙරිණි.
මෙම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බස් රථ රට වටේ හප්පන්නේ නැතුව එක එක්කෙනා එක්ක රේස් යන්නේ නැතුව තව වසර ගණනක් හොදින් මගීන්ට සේවයක් කරන්න තබා ගන්න. මේවා පදවන රියදුරන් ඒ ගැන වග බලා ඉන්න ඕනේ. මොකද මේ දේවල් ගන්න වියදම් කරලා තියෙන්නේ අහිංසක ජනතාවගේ බදු මුදල්. මේවා විනාස උනාම වැනසෙන්නේ රට හා ජාතිය. ලංගම රියදුරන්ගෙන් පළමු ශ්‍රේණියේ අයට මේවා ලබා දී එම රථ වල ආරක්ෂාව නොසපයන අයට තමන්ගේ ශ්‍රේණියෙන් පහලට දැමීමට කටයුතු කරන්න ඕනේ එතකොට මේවා රැක ගන්නවා
කරුණාකර මේ වාහන පැදවීම සඳහා සුරා සුදුවෙන් තොර රියදුරන් සොයා, ඔවුන්ට මේ ලොකු වගකීමකින් යුතු වාහන බාරදෙන්න. ජීවිත රැසක් ඔබ දෑතේ බස් අලුත් වුනාට වැඩක් නැහැ. පරණ බේබද්දෝම මේ වාහන එලවානම් ..!
මේවා සුපිරි බස් නෙමේ. මිනිස්සුන්ට ගමනාගමනයට තිබිය යුතු සාමාන්‍ය රථ. බස් 9ක් දෙන්න පවත්තපු උත්සවේ වියදම තව බස් 9ක් ගෙන්වන්න තරම් ඇති මෙලහකට
කලින් ගෙනාපු වොල්වෝ බස් වලට වුන දේ මේවට වෙන්න දෙන්න එපා. එක බස් රථයකට වගකියන රියදුරන් දෙදෙනෙකුට පමණක් බාරදෙන්න. හැම දෙනාටම එලවන්න දෙන්න එපා
කාරුණිකව අපගේ අදහස් වැරදි ලෙස තේරුම් නොගන්න ලෙස දැන්වීමට කැමැත්තෙමු. මේවගේ දේවල් වලටත් තමන්ගේ වටිනා කාලය, මහජන මුදල් නාස්ති කිරීම අවංකව පක්ෂ,පාට බේදයෙන් තොරව බදු ගෙවන පුරවැසියන් හට අනුමත කල හැකිද? මේවා අනාගත බලාපොරොත්තු සහිත මහජන මුදල් කාබාසිනියා කිරීමක් නොවේද? කිසිදු පක්ෂයක් මෙවන් නාස්තිකාර වැඩ කිරීම අවංක පුරවැසියන් විරුද්ධ විය යුතුමය.
පළාත් 9 ට එක බස් එක ගානේ බෙදා දුන්නනම්, ඔන්න අපි පොදු ප්‍රවාහනය අතිනුත් ස්වයං පෝෂිතයි
බස් රථ පන් සියයක් ගෙන්වන්න නේ කලින් සැලසුම තිබුනේ එංගලන්තයෙන් ඒවා හම්බ වුනේ නැතිද?
තෙරුවන් සරණයි.
මෙම බස් රථ එංගලන්තයේ ඩුපල් බස් රථයට සමාන බස් රථයකි. කල් පැවැත්ම අඩුය, පරිස්සමින් පාවිච්චිය සහ ආදායම් ලැබීම සදහා සුදුසු සේවයකින් ලාභ ලබා ගත හැක, ලංකාවේ මහජනයා ගේ පාවිචිය සහ පිරිසිදුකම ගැන නම් කිනම් කතාද? ශ්‍රී ලංකා ලංගම දියුණුව දැකීම අපගේ ඉමහත් සතුටයි.
ලංගම බස් වල යන්නේ ජනතාව සල්ලි ගෙවලා. ඒ සල්ලිවලින් බස් ගත්තේ ලංගමය. බස් ඩිපෝ අයිති වෙන්නෙත්මෙ ලංගමට. ඒ බස්ටික සුගතදාස ක්‍රීඩාංගනයට ගෙන්නලා ලංගමේම ඩිපෝවලට දෙන්න මහා උත්සවයක් අරන්. තව ටික කාලෙකින් මිනිස්සු ගෙවල්වල වැසිකිලි හදපුවම පිත්ත පටියක් කපලා වැසිකිලි අයිතිකාරයා ලවා වැසිකිලිය විවෘත කරන්නත් උත්සවයක් තියයි. මේ සේරගෙන්ම පෙනෙන්නේ ආණ්ඩුවේ බංකොලොත් බව.
අවුරුදු හතර හමාරකට බස් නමයයි. එ් කියන්නේ අවුරුද්දට දෙකයි. තව හතර හමාරක් ඉන්න ඡන්දෙ දුන්නොත් තව නවයක් ලබා දෙනවා.
මමත් ඉස්සර ලංගමට සම්බන්ධව වැඩකළා. දැන් මෙහෙදීත් බස් රථ නිෂ්පාදනය ගැන කාලයක් තිස්සෙම දන්න නිසා කියන්නෙ මේ පෙන්නන චීන බස් ලාබයි ලස්සන විතරයි. ලංකාවේ දේශගුණික මහාමාර්ග සහ මගී අවශ්‍යතාවයන් සඳහා ගැලපෙන්නේ නැහැ. යකඩ ගොඩක් වටේ ප්ලාස්ටික් ගහල හදල තියෙන්නේ. අපට ගැලපෙන ඇලුමිනියම් සැකිල්ල සහිත බස්රථ කලක් පවතිනවා . ඕස්ට්‍රලියාවේ රාජ්‍ය අනුග්‍රගය යටතේ ධාවනය වන බස්රථ වලින් වැඩිම ප්‍රමාණයක් ඇලුමිනියම් සැකිල්ල .
ලංකාවේ ඇති අධික රස්නයත් එක්ක AC නැති සාමාන්‍ය බස්වල දැන් යන්න අපහසුයි. ඉදිරියේදී AC බස් විතරක් ධාවනයට යොදවන්න. ඉන්දියාවෙන් ගෙන අඩු ප්‍රමිතියේ වාහන ගෙන්වීම නතරකරන්න. දුම්රිය සේවය මනාලෙස පවත්වා ගැනීමටනම් එය පිටරට සමාගමකට විකිණීම කාලොචිතයි. දියුණු බොහෝරටවල දුම්රිය සේවා සපයන්නේ පෞද්ගලික සමාගම් වල සහයෙන්.
සාටකලා ජනපතිවරණයට බස් පාවිච්චි කරලා ලංගමයට පොලු තබා තිබෙන මුදල වහාම අරගෙන මෙවන් බස්රථ තවත් ගන්න කටයුතු කරන්න.
මුළු රටේම බස් රථ අවශ්‍යතාව බලනකොට මේ බස්රථ 9 ව්හිළුවක් කියලා හිතෙන්නේ නැද්ද?
බසයක් රියැදුරෙකුට බාරදීමට අගමැති, ඇමති, උප ඇමති සමග පිරිවරක් එනවා නම් එම රටට අනාගතයක් නොමැත.
කොහොමද අපේ ආණ්ඩුවේ වැඩ.. අවුරුදු 4 1/2ක් කළා මදිද?