IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


ලංගමට මහ පිරිසක් බඳවා ගන්න යයි

(සුජිත් හේවාජුලිගේ)

ලංකා ගමනාගමන මණ්ඩලයට රියදුරන් හාරසිය පනහක් සහ කොන්දොස්තරවරුන් තුන්සීයක් බඳවා ගැනීමට කටයුතු කරන බව  ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

කොන්දොස්තරවරුන් වශයෙන් කාන්තාවන්ද බඳවා ගැනේ.

එම කාන්තාවන් දරුවන් ප්‍රවාහනය කරන බස් රථ සඳහා යෙදවීමට අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

එම කාන්තා කොන්දොස්තරවරියන් සඳහා ගුවන් සේවිකාවන්ට ලබා දෙන ආකාරයේ ඇඳුමක් ලබාදීමට කටයුතු කරන බව  ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.



අදහස් (8)

ලංගමට මහ පිරිසක් බඳවා ගන්න යයි

වත්සි Saturday, 20 September 2025 02:09 PM

නරකද මේ වැඩේට රතු තරුවේ සහෝදර සහෝදරියෝ බඳවා ගත්තොත්? එයාලා පක්‍ෂය වෙනුවෙන් කැප වුණු සහෝදර සහෝදරියෝ නිසා ලොකු පඩි ඉල්ලන එකකුත් නෑ. ඒ වගේම වැඩවර්ජන කරන එකකුත් නෑ. අනිත් එක තමයි ගුවන් සේවිකාවෝ වගේ ඇඳගෙන ගියාට මේ කොන්දොස්තරවරියන්ට තියෙන්නේ සෙනග අස්සේ තෙරපිලා ටිකට් කඩන්නනේ. මේ යෝජිත නිල ඇඳුම නිසා ඇයට දාඩියෙන් තෙත් වෙන්න වෙයි ද? රතු සහෝදරියෝ ඉතා කර්කෂ තත්ත්වයන් යටතේත් පක්ෂෙට වැඩ කරන්න පුහුණු වෙලා ඉන්න නිසා මුල් අදියරේ දි ඔවුන් මේ රස්සාවට බඳවා ගන්න...

:       25       10

Nilmini Sunday, 21 September 2025 06:43 AM

අනේ වස්තියෝ ගුවන් සේවිකාවන්ට වගේ නිළ ඇදුමක් දෙනවා කිව්වාට සාරියක් දෙනවා කිව්වේ... කොහේද ඒක සමහරවිට පවුල් සෞඛ්‍ය නිළධාරින් කාන්තා පොලිස් නිළධාරින් වගේ වෙන්නත් පුලුවන්නේ කියපු කෙනාට එවෙලේ මතක්වෙන්න ඇත්තේ ගුවන් සේවිකාවෝ වෙන්න ඇති කියන්නා කෙසේකීවත් අසන්නා සිහිබුද්ධියෙන් අහන්න පුරුදු වෙන්න...

:       1       1

sene Saturday, 20 September 2025 03:25 PM

වැඩ වර්ජනයට කඩන්න ජෙප්පෝ තමයි ගන්නේ, ලංගමට බස් 3000 ගණනක් සේවකයෝ 20000 පමණ යැයි ලියලා තිබුණා නේද ?මෙයත් එක් පක්ෂ ක්‍රියාවලියේ කොටසක්

:       0       1

pakeer Saturday, 20 September 2025 03:34 PM

සුභ පතානවා. අපි ඔබලාගෙන් බලපොරොත්තු උනේ . හාල් පොල් මිල අඩු කරන්න නෙමෙයි … මෙන්න මේ වගේ වැඩ… හැම දේකම ප්‍රමිතියක් තියපල්ල… නියමයි…

:       1       0

පිටරැටියා Saturday, 20 September 2025 04:32 PM

ලෝකේ දියුණු රටවලත් කාන්තාවන් රියැදුරු සේවයේ නිරත වෙනවා. ඔවුන්ට හරියාකාරව හොන්ද පුහුණුවක් දෙනවා. ලන්කාවේ පිරිමින්ට වඩා කාන්තාවන් අවදානයෙන් සහ සුපරීක්ෂාකාරීව කටයුතු කරයි කියා හිතන්න පුලුවන්ද?

:       1       13

Toni Saturday, 20 September 2025 04:34 PM

ජවිප කරණය කියන්නේ ඕකට...

:       8       13

ගුණරත්න Saturday, 20 September 2025 06:10 PM

ප්‍රයිවෙට් බස් එකක් සඳහා සේවකයෝ ඉන්නේ දෙන්නයි. බොහෝ විට ඩ්‍රයිවර් හෝ කොන්දොස්තර අයිතිකරු වෙන්නත් පුළුවන්. ඉතින් ලාභයි. ඒත් ආණ්ඩුවේ බස් එකකට සේවකයින් 13ක් ද කොහේදෝ ඉන්නවා කියලා මම මොකක් හරි ප්‍රවෘත්තියක දැක්කා, ඒ නිසා පාඩුයි. එහෙම තියෙද්දී තව බඳවාගන්නවා කියන්නේ පාඩුව තව කිහිප ගුණයකින් ඉහල යන එක...

:       5       17

sugath Sunday, 21 September 2025 06:38 AM

ලංකාවේ හැම ආණ්ඩුවක්ම කරපු දේ මේ කට්ටියත් කරනවා. ලංගමට තමන්ගේ මිනිස්සු පුරවනවා. ඊට පස්සේ ලංගම පාඩුයි කියලා අඩනවා.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1811 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1475 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site