(රංජිත් කරුණාවිර)

කොළඹ සිට කල්මුනේ දක්වා ගමන් ගත් ලංගම බස් රථයක් බදුල්ල දෙසින් පැමිණි වෑන් රථයක්, මහියංගණ පොලිස්ථානය ඉදිරිපිටදී අනතුරට ලක්වීමෙන්   එක් පුද්ගලයෙකු මියගොස්  6 දෙනකු තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි පොලිසිය කියයි.

අද (13)අලුයම මෙම අනතුර සිදුව තිබේ.

වෑන් රථයේ සිටි  05 දෙනෙකු හා බස් රථයේ සිටි එක් පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා මහියංගණ මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව මහියංගණ පොලිසිය කීවේය.

අනතුරින් මියගොස් ඇත්තේ ගිරාදුරුකෝට්ටේ,බතලයාය, අළුත්තරම, අංක 70 දරණ නිවසේ ආර් එම් තුෂාර ප්‍රදීප් රත්නායක නැමැති අයෙකි.

බදුල්ල දෙමෝදර මංගල අවස්ථාවක් සදහා ගොස් යලි පැමිනෙමින් තිබු වෑන් රථයක් මෙලෙස අනතුරුට පත්ව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මහියංගන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඒස් ජේ ඒ ආර් එල් සේනාධිර මහතා යටතේ රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුනෙත් වර්ණසුරිය මහතා, පො. සැ. 36777 ජයලත් යන නිළධාරීහු පරික්ෂණ කරති.