IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ලක්ෂ90ක අල්ලසක් ගත් හිටපු ප්‍රා.දේශපාලනඥයා රිමාන්ඩ්

නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගත් කොලබ ටොරින්ටන් ඇවනිව් ප්‍රදේශයේ ඉඩමකට වන්දි ගෙවීම සඳහා අවශ්‍ය කටයුතු කරදීමට රුපියල් ලක්ෂ අනූවක අල්ලසක් ඉල්ලා ලබාගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව කියමින් අධිකරණයට ඉදිරිපත් කළ බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ලෝචන ගමගේ මහතා සහ තවත ව්‍යාපාරිකයෙකු ලබන  වසරේ ජනවාරි මස 6 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංග සිංහ මහතා නියම කළේය.

නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගත් ටොරින්ටන් ඇවනිව් හි ඉඩම සඳහා රුපියල් කෝටි 11ක වන්දි මුදලක් සහ වන්දි පොලිය වශයෙන් රුපියල් කෝටි දාහතරක මුදලක් ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරදීමේ සිද්දිය සම්බන්ධයෙන් වැඩ්දුරටත් විමර්ශනය කරන බව දැනුම් දෙමින් අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා සැකකරු රිමාන්ඞ් භාරයේ රඳවා තැබීමට නියම කළේය.

හිටපු පළාත් සභා මන්ත්‍රී සහ නායක සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයකු වන සලෝචන ගමගේ මහතාට අමතරව මෙලෙස රිමාන්ඞ් භාරයට පත් කරන ලද්දේ දුෂාන්ත දිනේෂ් රත්නායක නමති ව්‍යාපාරිකයකි.

චමින්ද තුෂාර වර්ණසූරිය නමැති ව්‍යාපාරිකයෙකු කළ පැමිණිල්ලකට අනුව  පසුගිය 27 වැනිදා කළ වැටලිමකදි පිටකෝට්ට ප්‍රදේශයේ වෙළඳ සැලක් ඉදිරිපිටදී රුපියල් ලක්ෂ 90ක අල්ලස් මුදල් ලබා ගන්නා අවස්ථාවේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව කියමින් අල්ලස් කොමිසමෙන් නිලධාරීන් විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

සිද්ධියට අදාළව කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ අල්ලස් කොමිෂමේ නිලධාරීන් පැමිණිලිකාර චමින්ද තුෂාර වර්ණසූරිය නමැති ව්‍යාපාරිකයාගෙ නැන්දණියට අයත් කොළඹ ටොරින්ටන් ඇවිනිවු හී  ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවරාගෙන ඇතැයිද  එම ඉඩම සඳහා අවශ්‍ය වන්දි මුදල් ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරදීම වෙනුවෙන් සැකකරු රුපියල් ලක්ෂ අනූවක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇතැයි දැනුම් දුන්හ. 

චමින්ද තුෂාර වර්ණ සූරිය නමැත්තා මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිෂ්මට කළ පැමිණිල්ලකට අනුව කළ වැටලීමකදී පිටකෝට්ට ප්‍රදේශයේ ‘ගැමි ගෙදර’ නමැති වෙළඳසැල ඉදිරිපිටදී සැකකරුවන් අදාළ රුපියල් මිලියන නමයේ අල්ලස ලබා ගන්නා අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගත් බව දැනුම් දුන් නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරු විමර්ශනා ආරම්භ කොට ඇතැයිද දැනුම් දුන්හ.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් කිහිපදෙනෙකුගේ ප්‍රකාශ සටහන්ක කර ගත යුතු බවත් සැකකරුවන්ට ඇප නියම කළහොත් විමර්ශන කටයුතුවලට බාධා වන බවත් දැනුම් දුන් නිලධාරීහු සැකකරුවන් රිමාන්ඞ් භාරයට පත් කරන්නයි ඉල්ලා සිටියහ.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දැනුම් දෙමින් තම සේවා දායකයින් අල්ලසක් ලබාගෙන නැතැයිද නිකරුණේ ඔවුන් රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් ඔවුන්ගේ මූලික අයිති වාසිකම් උල්ලංඝනය වන්නේ යයිද කීහ.

පැමිණිලිකරු විසින් තමන්ට ලබා දුන් චෙක්පත්වලට අදාල මුදල ලබාදීම සඳහා අදාළ ස්ථානයට පැමිණෙන්නැයි කළ දැනුම් දීමකට අනුව තමන් එහි ගිය අවස්ථාවේදී තම සේවා දායකයන් අත්අඩංගුවට පත් වූයේ යැයි කී නීතිඥවරු  මේ කරුණු සනාථ කිරීමට තමන්ට හැකියාව ඇති හෙයින් ලබන තිස් වැනිදා මෙම පැමිණිල්ල යළි කැඳවන්නයි ඉල්ලා සිටියහ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරුවන් ලබන වැනිදා දක්වා රිමාන්ඞ් භාරයට පත් කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය  අධිකරණයට වාර්තා කරන ලෙස අල්ලස් කොමිෂමට නියම කළේය .



අදහස් (3)

ලක්ෂ90ක අල්ලසක් ගත් හිටපු ප්‍රා.දේශපාලනඥයා රිමාන්ඩ්

Perera Saturday, 28 December 2024 05:27 PM

මෙයාගේ සහෝදරයා මහේස්ත්‍රාත් වරයෙක්... එයත් කලකට උඩදී වැඩතහනමකට ලක්වෙලා හිටියා නඩුවක විත්තිකාරයෙක් විදිහට පැටලිලා උන්නු නිසා...

:       2       17

Mahasen Sunday, 29 December 2024 03:45 PM

උඩ කවුරුවත් නැතෙයි...

:       0       1

sam Monday, 30 December 2024 05:45 AM

මේ පට්ට දූෂිත කාලකණ්ණි හොරුන්ගේ දේපළ රාජසන්තක කරන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 15 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1997 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site