(පද්මා කුමාරී කංකානම්ගේ)
ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන එමින් තිබූ කහ, විදුලි උපකරණ සහ උපාංග තොගයක් කල්පිටිය කුඩාව වෙරළතීරයේ දී අත්අඩංගුවට ගත් බැව,කල්පිටිය විජය නාවුක හමුදාව පවසයි.
මෙම භාණ්ඩ තොගය සමග ඒවා ප්‍රවාහනයට යොදා ගත් ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් තුන්දෙනකු ද නාවුක හමුදා බාරයට ගෙන ඇත.
අත් අඩංගුවට ගත් විදුලි උපකරන අතර විදුලි අයිතමයන් ගෝණියක්,දැවයෙන් සාදහන ලද කුඩා පෙට්ටි 36ක්,විදුලි පේනු සවිකරණ කවර 26 ක්,ස්වීච් පෙට්ටි 5 ක් ද වන බව නාවුක හමුදාව පවසයි.
අත් අඩංගුවට ගත් කහ තොගයේ දළ වටිනාකම රුපියල් ලක්ෂ 50 කට ආසන්න වන අතර සැකකරුවන් කන්දකුලිය පදිංචි වයස අවුරුදු 27,32,සහ 33 අතර අයවලුන් වෙති.
නඩු භාණ්ඩ සහ සැකකරුවන් කටුනායක ශ්‍රී ලංකා රේගු උප කාර්‍යාලය වෙත භාර දීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල්පිටිය කන්දකුලිය කුඩාව මුහුදු තීරයෙ සිදුවන මෙවැනි දූෂණ නතර කරගන්න නාවික හා පොලිස් අංශ වල අය කරන මෙහෙයුම් අගේ කරනව නමුත් අල්ලා ගත් අයගෙන් කට උත්තර ලබාගෙන මේවාට සම්බන්ධ මහ හොරුන්ව අත් අඩංගුවට නොගත්තොත් මේවා අවසන් කිරිමට බැහැ.ගෙනත් ගොඩ බාන උන් විතරක් නෙවෙයි ඒවා ගෙන්වන උන්ටත් දඩුවම් කරන්න
අත් අඩංගුවට ගත් කහ තොගය විකුණා ඒම මුදල කොරෝනා අරමුදලට දෙනන තිබුනේ