
(පද්මා කුමාරි කන්කානම්ගෙ )
තීරු බදු නීති උල්ලංඝනය කරමින් ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද ,වියළි ඉඟුරු උර 19 ක් සහිත ඩිංගි යාත්‍රාවක් කල්පිටි පොලිස් බළ ප්‍රදේශයට අයත් එරඹුගොඩැල්ල වෙරළ තීරයේ දී අද (19) අලුයම කල්පිටි පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත .එම අවස්ථාවේ දී යාත්‍රා වේ සිටි සැකකරුවන් දෙදෙනකු පලා ගොස් ඇත .
අත් අඩංගුවට පත් උර තුළ ඉඟුරු කිලෝග්‍රෑම් 570 ක් තිබී ඇත .එහි දළ වටිනා කම රුපියල් ලක්ෂ 30 කට වැඩි බැව් පොලිසිය පවසයි .ෙයුද හමුදා බුද්ධි අංශවල තොරතුරකට අනුව ,කල්පිටි පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් රන්වල ආරච්චි මහතා ගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක මිල් රෝයි ඇතුලු නිළධාරින් පිරිසක් මෙම වැටලීම සිදු කර ඇත .පලා ගිය සැකකරුවන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd