
(එම් කේ. නන්දසේන)
වත්තල සිට කතරගම පැමිණෙමින් සුඛෝපභෝගී මෝටර් රථයක් තම්මැන්නාව මැණික් වල සීමාව හංදීයේදී හදිසියේ ගිණිගෙන විනාශවී ඇතැයි කතරගම පොලීසිය කියයි.
මෙම මෝටර් රථය රුපියල් ලක්ෂ 210 ක් පමණ වටිනාකමක් ඇතැයි රියදුරා පොලීසියට පවසි ඇත.
වත්තල, එඩෙරමුල්ල, දුම්රිය පොල පදිංචි පුද්ගලයකු සිය මිතුරකු ද සමගින් අධිවේගී මාර්ගය ඔස්සේ මත්තල ලුණුගම්වෙහෙර හරහා කතරගම බලා පැමිණෙමින් සිටියදී රාත්‍රී 11ට පමණ මෝටර් රථයේ දකුණු දෙසින් දුමක් මතුවී ගිනි ගත් බවත්, මෝටර් රථය නතර කොට මිතුරාත් සමග එලියට පැන ගත් බවත්, ඔවුන් දෙදෙනාට කිසිදු අනතුරක් නොවූ බවත් කතරගම පොලිසියට ප්‍රකාශ කොට ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියවන්නාවේ ඉන්න ගෙම්බන්ට මේවා පොඩ්ඩක් බලාගන්න දෙන්න. හිතන් ඉන්නේ අර ඉන්ධන බොන වාහනවලින් යන එක තමයි ඔවුන්ගේ ප්‍රධාන රාජකාරිය කියලනේ... එකක්, දෙකක් ගිනි ගනියන්කෝ දෙයියනේ...!
වාහනයට ගහපු මිශ්‍ර කල ඉන්ධන තෙල්වල ප්‍රතිඵල..! එංජිම රත්වුනා...නොසිතු විදියට..!
ඔය වගේ වාහනයක් ගිනි ගැනීම ප්‍රෙහෙලිකවක් රක්ශණය සම්බන්ද ප්‍රශ්නයක්වත්ද?
ආනයනය කරන ලද පෙට්‍රල්වල තත්ත්වය හොඳ නැතිව හෝ කෑන්වල බැරල්වල හංගගෙන තියපු පරණ තෙල් ගහලා වෙන්නත් පුළුවන්.