(රේඛා තරංගනී ෆොන්සේකා)
රුපියල් ලක්ෂ එකසිය හතරක් පමණ වටිනා අයිස් කිලෝ එකයි මිලිග්‍රෑම් විස්සක් සමග ත්‍රිකුණාමලය වරායේ සේවයේ නියුතු බව කියන ප්‍රධාන සැකකරු ඇතුළු හතර දෙනෙකු අද (5) අඟුලාන මංසන්ධියේදී අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය කියයි.
බස්නාහිර බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව සිදුකල සෝදිසියේදී සුඛෝපභෝගී කුළී රියකින් ප්‍රවාහනය කරමින් තිබු බව කියන අයිස් අත්අත්අඩංගුවට ගෙනඇත.
වැල්ලවත්ත ප්‍රෙද්ශයේ හෝටල් දෙකක කාමර දෙකක් වෙනත් අයගේ නමින් වෙන් කරවාගෙන එක් කාමරයක මත්ද්‍රව්‍ය පමණක් තබා අනිත් කාමරයේ ලැගුම් ගනිමින් සිට මෙම ජාවාරම සුඛෝපභෝගී කුලී රථ සේවාවක් යොදාගනිමින් මෙහෙයවා ඇති බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනයේදී හෙළි වූ බව පොලිසිය කියයි.
මෙහි ප්‍රධාන සැකකරු මීට පෙර ඇඟලුම් ව්‍යාපාරයක නිරත වූ පුද්ගලයකු බව සඳහන් කරන ඔහු රාත්රී සමාජ ශාලා සහ කැසිනෝ වල් නිරතවීම නිසා බංකොලොත් වී ඇති බව පොලිසිය කියයි.
ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ අධීක්ෂණයෙන් මොරටුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර ෆර්ඩිනැන්ඩු මහතාගේ උපදෙස් මත දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නන්දන පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල්වරුන් වන 68189 සාගර 90397 දෙහිගම 68189 නිරෝෂණ බස්නාහිර බුද්ධි නිලධාරීන් 72204 ප්‍රසන්න යන නිලධාරීහු මෙම වැටලීම් සිදුකළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd