IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලංකාවෙන් නව මදුරු විශේෂයක් සොයාගනී

(යොහාන් භාසුර)

ශ්‍රී ලකාවේ ජෛව විවිධත්වය වැඩි කරමින් නව මදුරු විශේෂයක් සොයාගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීටවිද්‍යා කණ්ඩායම සමත්ව තිබේ. එම මදුරු විශේෂය ශ්‍රී ලංකාවෙ මීරිගම සහ කළුතර ප්‍රදේශවලින් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ දිස්නක දිසානායක මහතා පවසයි.

Culex(lephoceraomyia) cinctellus කියුලෙක්ස් සින්ටෙලස් නැමති මෙමෙ විශේෂය දැනට තායිලන්තය සහ ඉන්දියාව වැනි රටවලින් වාර්තා වී තිබේ. මෙම මදුරු විශේෂය රෝග වාහකයෙක් ද නැද්ද යන පිළිබඳව තවමත් පර්යේෂණ මට්ටමේ පවතින අතර ලෝකය තුළ ද රෝග වාහකයකු වශයෙන් වාර්තා වී නොමැත.

මීට අමතරව එම කණ්ඩායම විසින්ම මෑතකදී  culex ගණයට අයත්  cx.sp near infula  කියුලෙක්ස් නියඉන්ෆියුලා නැමති මදුරු විශේෂය ද සොයාගැනීමට සමත් විය. එම මදුරුවා ඉන්දියාව තුළ මොලේ මැලේසියාව රෝගය බෝ කරන  culex infula  යන මදුරු විශේෂයට ඉතාමත් ආසන්න මදුරු විශේෂයක් වන අතර ශ්‍රී ලංකාව තුළ වාහකයෙක්ද නැත්ද යන පිළිබඳව තවමත් පර්යේෂණ මට්ටමේ පවතින අතර එම මදුරුවා වාහකයකු වීමේ වැඩි සම්භාවිතාවයක් පවතී.

මෑත කාලය තුළ නව මදුරු විශේෂ 03 ක් සෞඛ්‍ය කීටවිද්‍යා නිළධාරින් විසින් සොයාගැනීමට සමත් වූ අතර තවත් මදුරු විශේෂ 04 ක් ශ්‍රී ලංකාව තුළ තහවුරු කරගනිමින් ජානමය පර්යේෂණ සදහා නියදි යවා ඇත. මෑත කාලය තුළ මෙම නව සොයා ගැනීම් සමග කීට විද්‍යා ක්ෂේත්‍රය තුලින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේත් වෙනස් කම් ඇති විය භැකිය.



අදහස් (3)

ලංකාවෙන් නව මදුරු විශේෂයක් සොයාගනී

kamal Sunday, 16 October 2022 09:31 PM

ලංකාවෙ අලුත් සොයා ගැනීම් මේවා තමා.

:       0       3

Perera Monday, 17 October 2022 05:23 AM

මේ අය කළුතරින් නැගිටගෙන එන්නේ අපිට විදින්න තමයි.

:       1       2

ඩේසි ආච්චි Monday, 17 October 2022 08:54 AM

අපි නිදහස ගත්තු දවසේ සිටින රට කාපු මදුරුවෝ අනන්ත හිටියා... නමුත් දරුණුම මදුරුවන් හැදුණේ පොහොට්ටු විලේ තමයි. මේ කියන මදුරුවන් විනාශ නොකොළොත් අපේ දරුවන්ට අනාගතයක් නැහැ...

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 274 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site