
(තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාවේ කාබනික පොහොර භාවිතය වඩාත් ක්‍රමවත්කර ගැනීම සඳහා සහය වීමට එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය කැමත්ත පළ කර ඇත.
ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම පසේ නිරෝගිකම පිළිබඳව විමර්ශනය කර ඒ ඒ දිස්ත්‍රික්කයේ පසේ සංයුතිය පිළිබඳව දර්ශකයක් සකස් කර ගැනිම පිළිබඳව ද මෙම සංවිධානය ශ්‍රීලංකාවේ අවධානය යොමු කර තිබේ.
ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත විමලේන්ද්‍ර ශරන් මහතා විදේශ අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වු අවස්ථාවේ මෙම කරුණු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කොට ඇත.
ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තය සඳහා යොදා ගන්නා භූමියේ ඇති පෝෂ්‍ය පදාර්ථයන් සම්බන්ධයෙන් තක්සේරු කර ගැනිම සඳහා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහය ලබා දීමට ඉදිරිපත් වීම පිළිබඳව සිය සතුට පළ කළ විදේශ අමාත්‍යවරයා ඒ පිළිබඳව කරුණු සාකච්ඡා කිරීමට මෙම හමුවේදී වැඩි අවධානයක් යොමු කර තිබේ.
එවැනි අවබෝධයක් රජය ලබා ගැනීමෙන් නිසි පරිදි පොහොර භාවිතය කළමනාකරණය කර ගැනීමටත් නාස්තිය වලකා ගෙන වැඩි අස්වැන්නක් හා ලාභිදායි කෘෂිකර්මයක් සඳහා ගොවි ජනතාව යොමු කළ හැකි බවත් අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දී තිබේ.
කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික භූමිය පිළිබඳව විධිමත් විමර්ශනයක් (Soil Survey) සිදු කිරීම ප්‍රමාද වී ඇති බැවින් එවැනි විමර්ශනයක් කර පසේ සාරවත් බව පිළිබඳ (Soil Health Card) ගොවියාට අත් කාඩ් පතක් සකස් කර ගැනීම හැම අතින්ම වාසිදායක බවද ඇමති ගුණවර්ධන මහතා මෙහිදී පෙන්වා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුම ගානේ කොම්පෝස්ට් පොහොරවත් අපි හදාගමු... ඔය සංවිධාන රටවල් කනවා...
පොහොර ප්රශ්නය විසඳුනේ නැත්නම් මොණරාගල ලූණුගම්වෙහෙර,බුත්තල,වැල්ලවාය යන ප්‍රදේශවල රජයේ ඉඩම් අක්කර 50,000කට අධික භූමි ප්රමාණයකක් නොමිලයේ දීල ගෙන්වා ගත්තු ඇමෙරිකානු බහු ජාතික සමාගමක් වූ ඩෝල් සමාගම ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඉවත් වීමේ සූදානමක් පවතින බව වාර්තා වෙනවා. අපනයනය සඳහා "කැවැන්ඩිස්" නමින් වූ කෙසෙල් වගා කිරීම එම සමාගමේ ප්‍රධානම ව්‍යාපෘතියයි.
එක්සත් ජාතීන්ට කියන්න වසර 05 ක ආහාර සහනාධාරයක් දෙන්න කියලා.. කාබනික මාරුවෙන් වන සාගතයෙන් ගොඩයන්න.
කාබනික පොහොර වල ප්‍රමිතිය බලන්නෙ පාටින්ද? කලුපාට වැඩි ඒවා වඩා හොඳයි ද? , තෙතමනය වැඩි ඒව හොඳයි ද? අර නගරවල කානු ගොඩදාන පස් තද කලු පාටයි. ඒව බෑග් වල දාල වෙළදපලට එවන්න බැරිද?