
(අංජුල මහික වීරරත්න)
වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආහාර අර්බුදයට සහනයක් ලබාගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බලවත් රටවල් පහක් සමඟ සාකච්ඡා පවත්වා තිබේ.
ඇමරිකාව,යුරෝපා සංගමය, එංගලන්තය ,චීනය සහ ඉන්දියාව සමඟ රනිල් වික්‍රමසිංහ මහතා මෙම සාකච්ඡා පවත්වා ඇත.
ඉදිරියේදී මීටත් වඩා දරුණු ආහාර අර්බුදයකට ලංකාවට මුහුණ දීමට සිදුවනු ඇතැයි එම රටවල් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී තිබෙන අතර ලංකාවට උපකාර කරන්නේ කෙසේදැයි සලකා බලමින් සිටින බව ඉහත රටවල් හිටපු අග්‍රාමාත්‍යවරයාට දැනුම්දී තිබේ.
රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණෙන්නේ නම් ලංකාවට උපකාර කිරීම පහසු වනු ඇතැයි ද ඉහත රටවල් පහේ නියෝජිතයන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔයා අනික් මුත්තා... බොරදියේ මාළු බාන්න ලෑස්ති වෙනවා.
මීටත් වඩා දරුණු ආහාර අර්බුදයකට යනවා නම් තත්වෙ අගාධයක් වීම අනිවාර්යයි. මට පෙනෙන්නේ මොහුට තනි දැක්මක් තිබිය යුතුමය. නමුත් ක්‍රියාදාමය මීට ඉඩ නොදෙනු ඇත.
බල්ලගෙ වැඩේ බූරුවා කරන්න ගියාම ඔහොම තමයි.
මෙතුමාට අගමැති පදවිය හා හර්ෂ මහතාට මුදල් ඇමති පදවි වහාම දිය යුතුයි.
රට පත්ව තිබෙන තත්ත්වය හමුවේ, ජාත්‍යන්තර සබඳතා පවතින රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගනු ලබන ව්‍යායාමය පක්ෂ භේදයකින් තොරව අගය කළ යුතුය.
මෙය සාකච්චා කරන්නේ කවුරු හැටියටද? රටේ එක ආසනයක්වත් දිනා ගන්න බැරිවුණු පක්ෂ නායකයෙක් හැටියටද?