
(විමුක්ති එස් රුද්‍රිගු)
ෆින්ලන්තයේ වැන්ටා නගරයේ ටිකුරිල්ලා ප්‍රදේශයේ මහල් නිවාසයකදී ලාංකික කාන්තාවක ඝාතනයට ලක්ව ඇතැයි ඩේලි ෆින්ලන්ඩ් පුවත්පත වාර්තා කළේය.
එම මහල් නිවාසයේදී මියගොස් ඇත්තේ හිරුණිගේ නදර්න් ලයිෆ් නම් යූ ටියුබ් නාලිකාව පවත්වාගෙන හිරුණි නම් ලාංකික කාන්තාවක බවත් ඇය තිදරු මවක බවත් සමාජ මාධ්‍ය තුළ සංසරණය විය.
මරණය පිළිබඳ එම මහල් නිවාසයේම ජීවත්වූ තවත් පුද්ගලයකු අත් අඩංගුවට ගෙන ඇති බවත් දෙදෙනා අතර නිරන්තරයෙන් සිදුවන ප්‍රචණ්ඩකාරී බහින් බස් වීමක් උත්සන්නවී සැකකරු මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි විශ්වාස කරන බවත් ඩේලි ෆින්ලන්ඩ් පුවත්පත පැවැසුවේය. පසුගිය 19 වැනිදා රාත්‍රි 8 ට පමණ මෙම ඝාතනය සිදුවී ඇති බව ද ඩේලි ෆින්ලන්ඩ් පුවත්පත ප්‍රකාශ කළේය.
පොලිසිය ලැබූ තොරතුරක් මත අපරාධය සිදුවූ ස්ථානයට පොලිසිය සහ ප්‍රථමාධාරකරුවන් ගොස් ඇති බවත් ප්‍රථමාධාර ලබා දුන්නත් වින්දිතයා බේරා ගැනීමට අපොහොසත් වී ඇති බවත් ඩේලි ෆින්ලන්ඩ් පුවත්පත සඳහන් කළේය. එසේම වැන්ටා පොලිසිය ඝාතනයක් ලෙස සළකා මෙම මරණය පිළිබඳ විමර්ශන කටයුතු සිදුකරන බවත් තවමත් මූලික විමර්ශන සිදුවන බැවින් ඝාතනයට ලක්වූ කාන්තාවගේ සහ අත් අඩංගුවට ගත් පුද්ගලයාගේ අනන්‍යතාවයන් වැන්ටා පොලිසිය හෙළි නොකළ බව ඩේලි ෆින්ලන්ඩ් පුවත්පත පෙන්වා දුන්නේය.
මරණය සැකපිට අත් අඩංගුවට ගෙන ඇත්තේ එම ශ්‍රී ලාංකික කාන්තාවගේ සැමියා බවද සමාජ මධ්‍යයේ සටහන් විය.
2025 දෙසැම්බර් මස 18
542
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
273
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාවේ හිරුණි ෆින්ලන්තයේ දී මරාදමලා
ජයනාත් Friday, 28 June 2024 07:06 AM
අපේ මාධ්‍යවේදීන්ට ඉගෙන ගන්න යමක් තියෙනව . සම්පූර්ණ තොරතුරු සොයා ගන්නා තෙක් මිය ගියේ කවුද , සැකකරු කවුද කියල හෙළිදරව් නොකිරීම .ලංකාවේ නම් අල ගිය මුල ගිය තැන් සේරම මැරෙන්න කලින් ම කියල ඉවරයි නේද ... එහිදී මුල් තැන පරීක්ෂණ වලට . අපේ මුල් තැන ප්‍රසිද්ධ කිරීමට .
de silva berlin Friday, 28 June 2024 10:10 AM
අපේ මාධ්‍ය මුලින්ම ප්‍රසිද්ධ කරන්නේ විමර්ශන කරන පොලිස් නිලධාරීන්ගේ නම් ගම තනතුර වැනි විස්තර , ඊට පස්සේ සිදියට අධාල පුද්ගලයා සාමාන්‍ය මනුෂ්‍යයෙක් නම් ඔහු පිලිබඳ විස්තර , එම පුද්ගලයා බලවත් කෙනෙක් නම් නම්ගම් හෙළිකිරීමෙන් වලකිනවා
පිටිගල මිලානෝ Friday, 28 June 2024 11:05 AM
ලෝකයේ සතුටු දර්ශකයේ ඉහලින්ම සිටින රටට ලංකාවේ කෙනෙක් ගොස් නරකම අත්දැකීමක් වින්දා. ලංකාවේ අනිත් ගෑණු වගේ මෙයාගෙත් කංකරච්චලය වැඩිවුනාද මංදා…..