(මොහොමඩ් ආසික්)
චීනයේ කොරෝනා වෛරසය මුල් වරට සතුන්ගෙන් පැතිර ගියද ඉන් පසුව පැතිර ඇත්තේ මිනිසාගෙන් මිනිසාට බවත්, ලංකාවේ සතුන්ගෙන් මෙම වෛරසය බෝවීමට කිසිදු ඉඩක් නොමැති බවත් මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ආර්.එම්.කේ.පී. රාජනායක මහත්මිය සඳහන් කළාය.
චීනයේ මෙම වෛරසය මුලින් ආසාධනය වී ඇත්තේ වවුලන් සහ සර්පයින්ගෙන් බවට වාර්තා වන අතර, අපේ රටේද එම සතුන් දක්නට ලැබෙන බැවින් එම සතුන් මගින් වෛරසය පැතිරයාමේ අවදානමක් පවතින්නේද යන්න පිළිබඳව අධ්‍යක්ෂවරියගෙන් කළ විමසුමකට ඇය එසේ කීවාය.
මෙම වෛරසය මුලින් සතුන්ගෙන් මිනිසාට ආසාධනය වුවද ඉන් පසුව දිගින් දිගටම මිනිසාගෙන් මිනිසාට බෝවන නිසා නැවත සතුන් මගින් බෝවීමක් වාර්තා වී නැතැයි ඇය සඳහන් කළාය.
කෙසේ නමුත් එම සතුන් සමඟ අපේ සමාජයේ ගනුදෙනුවක් නොමැතිවීම නිසා ඒ සඳහා බියක් ඇති කරගත යුතු නැතැයිද ඇය සඳහන් කළාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම සතුන් සමඟ අපේ සමාජයේ ගනුදෙණුවක් නොමැති වුණාට ලංකාවේ ඉන්න චීන ජාතිකයන් ඇතැමෙක් ඔය සත්තු එක්ක ගනුදෙනු තියනවා. මරන් කනවා ඒක රටම දන්නවා... ඒ කියන්නේ අපිටත් බලපෑමක් තියෙනවා.
ලංකාවේ මිනිස්සු ප්‍රධාන මස් මාළු වර්ග ඇර චීනා වගේ හැම සතාම කන්නේ නැහැ. අපේ රටේ වැදී ජනතාව රත්තරන්. මේ චීන්නු හරිම අපිරිසිදුයි. නාන්නේ නැහැ. ඔලුව විතරක් සෝදනවා. දත් මදින්නේ අවශ්‍ය නම් පමණයි. හරියට බැලුවොත් චීනාට පමණක් හෝටල් වෙනම හදලා තියන්න ඕන. පිගන් කෝප්ප පවා දරුණු විෂබිජ තියෙන ජාතියක්. සර්පයින් ප්‍රධාන ආහාර. පොඩි දරුවොත් ඒ වගේ. වෙනසක් නැහැ.
මේ දොස්තර නෝනා කිව්වට ලංකාවේ අනෙක් සත්තු වර්ගත් කනවා. ඔය කියන වෛරසය උෟරෙකුට හෝ හරෙකුට හැදුණට උන්ට කිසිම දෙයක් වෙන්නේ නැහැ. නමුත් ඒ සතාගෙන් අපට ඒ වෛරසය බෝවෙන්න පුළුවනි. ඇමෙරිකාවේ සිතන්නේ කොරෝනා වෛරසය මම කියූ විදියට පටන්ගන්න ඇත්තේ කියලා... සෑම සීතකාලකයම ඇමෙරිකාවේ උණ, සෙම්ප්රතිශ්යාවෙන් 4000ක් පමණ මැරෙනවලු. ඒ නිසා අපි එන්නතක් ගන්නවා. එම එන්නත වසරෙන් වසර වෙනස් වෙනවා.