IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ලංකාවේ විනිවිද බව ගැන UN එකට වාර්තාවක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ පළමු ද්විවාර්ෂික විනිවිදභාවය පිළිබඳ වාර්තාව දේශගුණ විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

1993 වර්ෂයේ සිට එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ සහ 2013 වර්ෂයේ සිට පැරිස් ගිවිසුමේ පාර්ශ්වකරුවකු වශයෙන් ශ්‍රී ලංකාව කටයුතු කරනු ලබයි. 

ඒ අනුව, එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය සහ පැරිස් ගිවිසුම මඟින් ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටී.

 පැරිස් ගිවිසුමේ 13 වන වගන්තිය යටතේ සෑම පාර්ශ්වකරුවෙකු විසින්ම 2024-12-31දිනට පෙර එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියට අදාලව පළමු ද්වි වාර්ෂික විනිවිදභාවය පිළිබඳ වාර්තාව ඉදිරිපත් කළ යුතු බව රජය කියයි. එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ, දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ සහ පැරිස් ගිවිසුමේ මග පෙන්වීම් වලට අනුකූලව ශ්‍රී ලංකාවේ පළමු ද්විවාර්ෂික විනිවිදභාව පිළිබඳ වාර්තාව සකස් කර තිබේ. 

ඒ අනුව, එකී වාර්තාව එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියට ඉදිරිපත් කිරීම පිණිස පරිසර අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

ලංකාවේ විනිවිද බව ගැන UN එකට වාර්තාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site