
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
"Clean Sri Lanka" වැඩපිළිවෙළ යථාවත් කිරීම මගින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අදාල කටයුතු ශක්තිමත් කෙරෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ජනාධිපති කාර්යාලයේ අද (30) පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.
ආසියාවේ ඉතාමත්ම වටිනා සහ හරිත දූපත ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
පාරිසරික සහ සංස්කෘතික ක්ෂේත්‍ර ඔස්සේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම පිළිබඳවත්, මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේදී විධිමත් හා අවිධිමත් අංශයන්හි සියලුම පාර්ශ්වකරුවන් එක් කර ගැනීමටත් මෙහිදී අවධානය යොමු විය.
බුද්ධ ශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි,සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම්, වනජිවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටී.එම්.ජේ. නිලාන් කුරේ යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අංක එක, මිනිස්සුන්ට තැනකට ගිහින් අපවිත්‍ර නොකර සංවරව හැසිරෙන්න උගන්වන. ඒකෙන්ම අපේ රට ගොඩාක් ලස්සන වෙයි. ගියොත් තැනක් විනාශ කරලා එන්න තමයි පුරැදු වෙලා ඉන්නේ.
ගුවන් තොටුපල හරියට හදන්න. අතුලත සහ පිටත සිටින මැරයන් ඡාවාරම් කරුවන් ඉවත් කරන්න.
මේ නඩය අත ගැසුවොත් ඒතැන අවුලක් ෂුවර්.... ඒ නිසා තිබෙන විදිහටම තිබෙන්න හරින්න...රටට ඒ ඇති...
සුන්දර කඳුමුඳුන් මත ආගමික ස්ථාන හැදීම නතර කරන්න. ලවුඩ්ස්පීකර් දාගෙන පරිසරයේ සුන්දරත්වයත් නිශ්ශබ්දතාවයත් වනසනවා.. සල්ලිම හම්බු කිරීම තමා එව්වයෙ අරමුණ .. උදා :- ඇල්ල කුඹල් ඔළුව
පිරිසිදු ඉන්දියාව වගේ පිරිසිදු ශ්‍රි ලංකා .. නරේන්ද්‍ර මෝදිගේ අදහසක්