
(අංජුල මහික වීරරත්න)
බටහිර සහ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව ඒකාබද්ධ කිරීම සඳහා ලංකාවේ ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශ්‍රී ලංකාව ගෝලීය සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමෝපායන් අනුගමනය කරන බවද අමාත්‍යවරයා කීය.
වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව කීවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ දෙවන ගෝලීය සමුළුවේ (The World Health Organization (WHO)’s Second Global Summit on Traditional Medicine) අවසන් දින සැසිය අමතමිනි.
ලෝක සෞඛ්‍ය සංවිධානය, ඉන්දීය රජයේ ආයුෂ් අමාත්‍යාංශය (Ministry of Ayush) සමඟ ඒකාබද්ධව සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව සඳහා සාක්ෂි, ඒකාබද්ධ කිරීම සහ නවෝත්පාදනයන් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ඉන්දියාවේ නවදිල්ලියේ (New Delhi) Bharat Mandapam හිදී පැවැත් වූ මෙම සමුළුව පසුගිය (17) දින ආරම්භ වූ අතර, ඊට රටවල් 100 කට වැඩි ගණනක අමාත්‍යවරු, විද්‍යාඥයෝ, ස්වදේශික නායකයෝ සහ වෘත්තිකයෝ එක්ව සිටියහ.
ශක්තිමත් සාක්ෂි, වඩා හොඳ නියාමනය, පද්ධති ඒකාබද්ධ කිරීම, සහයෝගීතාවය සහ ප්‍රජා සහභාගීත්වය මත කේන්ද්‍රගත වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය සාම්ප්‍රදායික වෛද්‍ය උපායමාර්ගය 2025–2034 ක්‍රියාත්මක කිරීම සහ ඉදිරියට ගෙන යාම අරමුණු කරගත් ප්‍රධාන විද්‍යාත්මක මුලපිරීම් සහ නව කැපවීම් මෙම සමුළුවේ දී නිවේදනය කරනු ලැබීය. එමෙන්ම සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම සංරක්ෂණය, ප්‍රචාරණය, රටවල් අතර අන්තර් සබඳතා ගොඩනැගීම තුළින් දැනුම හුවමාරු කර ගැනීම මෙන්ම නවීන ලෝකය හා බැදුණු පර්යේෂණ වාර්තා එළිදැක්වීම ද මෙහිදී සිදුවිය.
මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ආයුර්වේද කොමසාරිස් ජනරාල් ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන සහ ආයුර්වේද වෛද්‍ය ආචාර්ය සුරංගි සංජීවනී පෙරේරා මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
272
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාව බටහිර -සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම එක් කරන වෑයමක