
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවේ පළමු තැපැල්පත නිකුත් කර 150 වසරක් සපිරීම නිමිත්තෙන් විශේෂ සමරු තැපැල්පතක් නිකුත් කිරීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (1) සිදුකෙරිණි.
එහිදී මෙම සමරු තැපැල්පත ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත පිළිගන්වනු ලැබිණි.
මෙම විශේෂ සමරු තැපැල්පත් 1000ක ප්‍රමාණයක් නිකුත් කරන අතර එය රුපියල් 300ක මිලකට මිලදී ගත හැකි බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ පළමු තැපැල්පත 1872 වර්ෂයේ සැප්තැම්බර් 01 වන දින නිකුත්කර ඇති අතර, එය ශත දෙකක වටිනාකමින් යුතු මුද්දරය වික්ටෝරියා රැජිනගේ උඩුකය රූපයක් සහිත වූවකි.
මෙම විශේෂ සමරු තැපැල්පත මෙරට පළමු තැපැල්පතේ ඡායාරූපයක් සහිතව නිකුත් කර තිබේ.
හිටපු කතානායක චමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුදිතා ප්‍රශාන්ති සොයිසා, වෛද්‍ය ගයාශාන් නවනන්ද, යදාමිනී ගුණවර්ධන, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට, තැපැල්පති රංජිත් ආරිරත්න යන මහත්ම මහත්මීහු සහ තැපැල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාටකයින් ඔතන මොනවද කරන්නේ..?
අලෝ ගනිල්ලා ඹබලගෙ .......
එදා ඉංග්‍රීසි ජාතිකයින් ආරම්භ කල තැපැල් සේවය, ලැජ්ජා නැතිව මහා ඉහළින් සමරන්නේ හරියට මෙයාලා ආරම්භ කළා වගේනේ... තැපැල් සේවය බල්ලට ගියත් කමක් නැහැ. ජනතාවගේ බදු මුදල් නාස්ති කොට, උත්සව සමරන්න නම් හපන්නු.
සාටක තවමත් හොල්මන් කරනවා වගෙයි පේන්නේ... රට කෑ සාටකලා...