(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 2021 වසරේ සියයට 3.3 ක වර් ධනයක් පෙන්නුම් කර ඇති බවත් නැවතත් එවැනි වර් ධනයක් බලාපොරොත්තු විය හැක්කේ 2027 වසරේ බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ නවතම වාර් තාවේ දැක්වේ.
නමුත් මෙම වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 2.7 කින් වර් ධනය වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කළේය.
මේ වසරේදී සියයට 8.7 කින් හැකිළුණු ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ලබන වසරේදී සියයට 3 කින් හැකිළෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ නිකුත් කළ නවතම වාර් තාවේ දැක්වේ.
එසේම ලෝක බැංකුවද ශ්‍රී ලංකවේ දළ දේශීය නිෂ්පාදිතය මෙම වසරේ සියයට 9.2 කින් පහත වැටෙනු ඇති බවත් ලබන වසරේ සියයට 4.2 කින් පහත වැටෙනු ඇති බවත් පසුගිය දා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකල්ම ජාත්‍යන්තර සමුළු වලට සහභාගී වෙවී ඔහොම ඉන්නවද?
ඒ වෙද්දී තුන්වෙනි ලෝක යුද්ධෙත් පටන් අරන්. එයාලා ඒ වෙනකල් උඩ බලන් ඉන්න යන්නේ.
ඒ වෙනකොට නාකි නරි ටික පරළොව ගිහින්.
මේ වගේ නිකන් ඉඳලාද ඔය වර්ධනය වෙන්නේ ?ටැක්ස් වැඩි කරාට දල ජාතික නිෂ්පාදනය වැඩි වෙන්නේ නැහැ.නිෂ්පාදන වැඩි කරන්න ඕන ඒකට.සුරංගනා කතා කියන්න එපා.උඹලා ඉන්නේ කොමිස් වලින්ම මේක දුවවන්න .බලන් හිටපල්ලා.තව අවුරුදු 10000 ටවත් මේක ගොඩගන්නවා බොරු මේ විදිහට.